උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය සියයට 0.9 දක්වා පහත වැටී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව අනාවරණය කරයි. පසුගිය වසරේ ජූලි මාසය වන විට උද්ධමන අනුපාතය සියයට 28.2ක් තරම් ඉහළ අගයක පැවැතිණි.

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියත් ලෝක වෙළඳපළේ භාණ්ඩ මිල ගණන් යම් යම් අවස්ථාවලදී පහත වැටීමත් මේ තත්ත්වයට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්‍ෂ කේ. ඩී. රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මෙතරම් අනුපාතයකින් උද්ධමනය පහත වැටුණු පළමු අවස්ථාව මෙය වන අතර ශි‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ථකත්වය හේතුවෙන් ඒ තත්ත්වය ළඟා කැර ගැනීමට හැකිව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා