පදක්කම් දිනූ අහංගම ශාරිපුත්‍ර විදුහලේ ක්‍රීඩකයන්

පදක්කම් දිනූ අහංගම ශාරිපුත්‍ර විදුහලේ ක්‍රීඩකයන්

ශ්‍රී ලංකා පාසැල් බොක්සිං සංගමය මෙහෙයවූ එල්. එල්. ජයවීර අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනක් අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් දිනා ගෙන ඇත.

මෙම තරගවාලියේදී වයස අවුරුදු 17 ට වැඩි කිලෝ ග්‍රෑම් 48 - 51 බර පද්ධතිය තරගයේ රන් පදක්කම ගයාන් චාමර දිනා ගෙන තිබේ.

වයස අවුරුදු 15 - 17 කිලෝ ග්‍රෑම් 44 - 46 බර පද්ධතිය තරගයේ රිදී පදක්කම දිනා ගෙන ඇත්තේ සුපුන් ෂෙහාන් ක්‍රීඩකයා විසිනි. වයස අවුරුදු 15 - 17 කිලෝ ග්‍රෑම් 50 - 52 බර පද්ධතිය තරගයේ ලෝකඩ පදක්කම කවිඳු ගයාෂාන් ක්‍රීඩකයාට හිමිවී ඇත.

මහනුවර පිලිමතලාව මැදි මහ විදුහලේදී මෙම තරගාවලිය පැවැත්වුනි.

අහංගම ශාරිපුත්‍ර මහ විදුහල්පති ආර්. ඒ. කාරියවසම් සහ නියෝජ්‍ය විදුහල්පති සාලිය චන්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බොක්සිං භාර ආචාර්ය එච්. ජී. චන්දසිරි මහතාගේ මෙහෙයවීම මත සිසිර කොඩිතුවක්කු සහ චම්පක මාතර ආරච්චි යන මහත්වරුන් විසින් මෙම ක්‍රීඩකයින්ට බොක්සිං පුහුණුව ලබාදී තිබුණි.

එම පදක්කම් තුන දිනාගත් ගයාන් චාමර, සුපුන් ෂෙහාන් සහ කිවිඳු ගයාෂාන් යන ක්‍රීඩකයින් මෙම ඡායාරූපයේ වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා