70න් ඉහළ රාජ්‍ය සේවකයන්ගේ මලල ක්‍රීඩා සේපාලට රන් පදක්කම් 3ක්

70න් ඉහළ රාජ්‍ය සේවකයන්ගේ මලල ක්‍රීඩා
සේපාලට රන් පදක්කම් 3ක්

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ අධීක්ෂණ නිලධාරියකු වශයෙන් සේවය කරන යූ. එම්. සේපාල මහතා කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පවත්වන ලද අවු. 70 න් ඉහළ රාජ්‍ය සේවකයන්ගේ මීටර් 100, මීටර් 200 හා දුර පැනීමේ තරග ඉසව්වලින් ජයග්‍රහණය කර රන් පදක්කම් 03 ක් හිමිකර ගත්තේය.

2007 හා 2008 යන වර්ෂවලද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වන ලද මීටර් 100 හා මීටර් 200 යන තරගවලින්ද ජයග්‍රහණය කර වර්ෂ දෙකක්ම දිගටම රන් පදක්කම් හිමිකර ගෙන වාර්තාවක්ද පිහිටුවා ඇත.

කතරගම දෙවියන්ට ඇති භක්තිමත්කම නිසා විශ්‍රාම ලැබීමෙන් පසුව මොහු කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ සේවයට සම්බන්ධ වී ඇත.

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීම හදාරා ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත්වීමෙන් පසු 1960 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කෙළේය.

1996 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් උසස්වීම් ලැබුණි. පොලිස් සේවයේ සිටියදී මොහු මලල ක්‍රීඩා තරගවලින් විශිෂ්ට ජය ලබා පදක්කම් හා සහතික ලබා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා