නාගරික සංවර්ධන අධිකාරියේ දූෂිතයන් සොයා මෙහෙයුමක්

තරාතිරම නොබලා දඬුවම්

නාගරික සංවර්ධන අධිකාරියේ දූෂිතයන් සොයා මෙහෙයුමක්

නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති වලට පටහැනි ලෙස පසුගිය කාලය පුරා දූෂණ, වංචා සහ වෙනත් අකටයුතුකම්වල යෙදුණු නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවැනි අකටයුතුකම් පිළිබද තොරතුරු රැසක් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇත.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් මේ වංචා දූෂණ සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම සමීක්ෂණ වාර්තාවට අනුව වැරැදි කළ පුද්ගලයා කවුරුන් වුවත් ඔහුගේ තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා දිනමිණ ට පැවසීය.

පසුගිය වසර විස්සක පමණ කාලයක් නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු කිසිදු කළමනාකාරිත්වයකින් තොරව සිදුවී ඇති බවට හඳුනාගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා