සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ සොයා බැලූ පාර්ලිමේන්තු මන්ත්‍රී
නාමල් රාජපක්ෂ මහතා

 

අයිෆා සම්මාන උළෙල පැවැත්වෙන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නවීකරණ කටයුතු පිළිබඳව අදාළ නිලධාරින් හා සාකච්ඡා කළ අයුරු. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ බන්ධුල ඒකනායක, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පාලක රොනී ඒබ්‍රහිම් යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

ඡායාරූපය - නලින් හේවාපතිරණ




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ජුනි 30 දා උදේ 9.00ට උසාවියේ පෙනී සිටිනු

ශබ්ද විකාශන යන්ත්‍ර හා පෝස්ටර් මඟින්

සැඟවුණු ධනුන අල්ලන උසාවි නියෝගය ප්‍රසිද්ධියට

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්නට ජූනි 30 වැනිදා උදේ 9.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ පෙනී සිටින ලෙසට කර ඇති අධිකරණ නියෝගය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඊයේ ප්‍රසිද්ධ කෙරිණි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයට අනුව ධනුන තිලකරත්න ඉහත සඳහන් දිනයේදී අධිකරණයේ පෙනී සිටිය යුතු බව දැක්වෙන දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමද ඊයේ ආරම්භ විය. හයිකෝප් මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී ධනුන තිලකරත්න පොලීසිය සහ අධිකරණය මඟ හරිමින් වෙස් වලාගෙන සැඟවී සිටින . . . . .

විස්තර »

සංවර්ධනය සහ නඩත්තුව විධිමත්ව ක්‍රියාත්මක
කළ යුතුයි

මහමෙව්නා උයනේ පහසුකම් පිළිබඳ සාකච්ඡාවකදී
ජනපති කියයි

සංවර්ධනය සහ නඩත්තුව යන අංශ දෙකම විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් මහමෙව්නා උයන හා ඒ අවට ප්‍රදේශවල මූලික පවිත්‍රතා කටයුතු ආලෝකකරණය සහ සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ අරලියගහ මන්දිරයේදී ඊයේ (31) පැවැති විශේෂ සාකච්ඡාවකදී

විස්තර »

හිටපු මැති ඇමැතිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික
ගමන් බලපත් අහෝසියි

මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර අහෝසි වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ මන්ත්‍රීවරුන්ගේ හා ඇමැතිවරුන්ගේ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසට ලිඛිතව ඉල්ලීමක් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට අලුතින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමටද ක්‍රියා කරන බව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

විස්තර »

වයරයකින් ගෙල සිර කොට දෙදරු මව මරා දමා
රන් බඩු රැගෙන ගිහින්

විදුලි පංකාවේ වයරයකින් දෙදරු මවක ගෙල සිරකර ඝාතනය කර රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා රන් අබරණ කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඝාතනයට ලක්වී ඇත්තේ ජයබාලන් විජය ලක්ෂ්මී නමැති 54 හැවිරිදි දෙදරු මවකි. දරු දෙදෙනා විදෙස් රැකියා සඳහා ගොස් සිටින අතර මියගිය කාන්තාව තම මව සමඟ නිවසේ ජීවත්ව සිට ඇත. මව අසල් වැසි ගෙදරක දානයකට ගොස් සිටි අවස්ථාවේදී කොල්ලකරුවන් පැමිණ විදුලිපංකා වයරයෙන් කාන්තාවගේ ගෙල සිරකර බැඳ ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ අතක තිබූ මුදු තුනක් කොල්ල කා පලාගොස් තිබේ.

විස්තර »

එජාප මහ සමුළුව අගෝස්තුවට කල් යයි

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය අගෝස්තු මාසය දක්වා කල් යා හැකි බව එජාප ප්‍රතිසංවිධාන කමිටුව සඳහන් කරයි.  එජාප ප්‍රතිසංවිධාන සම්බන්ධ පක්ෂ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනිද්දා දක්වා ලබා ගන්නා බවත් අනතුරුව මේ මස 05 දා ප්‍රතිසංවිධාන සම්බන්ධ පුළුල් අවසන් වාර්තාව සකසන බවත් ඒ මහතා අනාවරණය කළේය.

විස්තර »

පළමු ශ්‍රේණියට ඉල්ලුම් පත්‍රය හෙට දිනමිණේ

රජයේ පාසල්වලට 2011 වර්ෂයේ පළමු වැනි ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහිත ඉල්ලුම් පත්‍රය හෙට (02) දිනමිණ පත්‍රය සමග නොමිලේ නිකුත් කෙරේ.



වෙළඳ දැන්වීම් . . . .

 
මිනිසෙකි මා නිති පෙන්වන ක්‍රියාවෙන්ම වැඩ
සජිත් කිව්වෙ පත්තරේට පිරෙන්නටම ඉඩ
කිට් ගලවා නැෂනල් ඇඳ වෙන අපමණ හැඩ
රවි මල්ලිට කපා ගන්න වේවිද තඩි බඩ