හිටපු මැති ඇමැතිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් අහෝසියි

හිටපු මැති ඇමැතිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් අහෝසියි

මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර අහෝසි වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ මන්ත්‍රීවරුන්ගේ හා ඇමැතිවරුන්ගේ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසට ලිඛිතව ඉල්ලීමක් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට අලුතින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමටද ක්‍රියා කරන බව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

 ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට අලුතින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමටද ක්‍රියා කරන බව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් දිනමිණ ට ප්‍රකාශ කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා