හොරණ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කරන කවුළු ප්‍රමාණවත් නෑ

හොරණ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කරන කවුළු ප්‍රමාණවත් නෑ

දිනපතා දහසකට ප්‍රතිකාර

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් අතුරින් හොරණ මූලික රෝහල ප්‍රදේශයේ ජනතාව අතර ජනපි‍්‍රයත්වට පත්වීම හේතු කරගෙන බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දහස දක්වා ඉහළ ගොස් තිබේ.

බෙහෙත් නිකුත් කරන කවුන්ටර් අසල රෝගීන්
තදබදව පෝලිමේ රැඳී සිටින අයුරු.

විවිධ සායනවලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවද දහස දක්වා ඉහළ ගොස් තිබේ.

වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතාගේ කළමනාකාරීත්වයත් රෝහලේ වෛද්‍ය සහ සේවක මණ්ඩලයේ කැපවීම සහ මනා කාර්යක්ෂමතාව මේ යහපත් තත්ත්වයට හේතුවක් බැව් රෝගීහු පවසති.

කිරිඇල්ල, අගලවත්ත, පාණදුර, බුලත්සිංහල ආදී දුර බැහැර ප්‍රදේශවලින් හොරණ මූලික රෝහලට බාහිර සහ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ. එහෙත් රෝගීන් සඳහා බෙහෙත් නිකුත් කරන කවුන්ටර් (කවුළු) ප්‍රමාණය මදිවීම නිසා එම ස්ථානයෙහි තදබදයක් දක්නට ඇත. අපි ඒ ගැන වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතාගෙන් විමසීමක් කළෙමු.

2002 වසරේදී ගුරුගොඩ බොඩ්ලයින් ආයතනයේත් අනුග්‍රහයෙන් කවුන්ටර් හතරක් සහිත ගොඩනැගිල්ලක් ගොඩ නැගුවා. තව කවුන්ටර් දෙකක් අත්‍යාවශ්‍යයි. ආබාධිත රෝගීන් සඳහා අතිරේක කවුන්ටරයක් තිබෙනවා.

දැනට රජය මගින් ඖෂධවේදීන් බඳවා ගැනීමේ මූලික කටයුතු සිදු කරනවා. ඉතා ළඟදීම මේ තදබදය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙනවා. විශේෂයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය උදේ 7.30 ට බාහිර රෝගීන් පරීක්ෂා කිරීමේ කාර්යයන් ආරම්භ කරනවා. මේ නිසා ඕ.පී.ඩී. එකෙන් ප්‍රතිකාර ලබා ගැනීම දැන් පහසුවෙලා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා