වයරයකින් ගෙල සිර කොට දෙදරු මව මරා දමා රන් බඩු රැගෙන ගිහින්

වයරයකින් ගෙල සිර කොට දෙදරු මව මරා දමා රන් බඩු රැගෙන ගිහින්

විදුලි පංකාවේ වයරයකින් දෙදරු මවක ගෙල සිරකර ඝාතනය කර රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා රන් අබරණ කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඝාතනයට ලක්වී ඇත්තේ ජයබාලන් විජය ලක්ෂ්මී නමැති 54 හැවිරිදි දෙදරු මවකි.

දරු දෙදෙනා විදෙස් රැකියා සඳහා ගොස් සිටින අතර මියගිය කාන්තාව තම මව සමඟ නිවසේ ජීවත්ව සිට ඇත. මව අසල් වැසි ගෙදරක දානයකට ගොස් සිටි අවස්ථාවේදී කොල්ලකරුවන් පැමිණ විදුලිපංකා වයරයෙන් කාන්තාවගේ ගෙල සිරකර බැඳ ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ අතක තිබූ මුදු තුනක් කොල්ල කා පලාගොස් තිබේ.

එම රන් බඩුවල වටිනාකම රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් වන බව  පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෝයි මාහිල් මහේන්ද්‍රන් මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සිදුකරන ලෙස නියෝග කර ඇත.

කන්කසන්තුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩ්මන්ඩ් මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි නෙල්ලිඅඩි පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. ඩබ්ලිව්. ටී. කාංගර මහතාගේ අධීක්ෂණය යටතේ නෙල්ලිඅඩි පොලිසියේ අපරාධ අංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා