ඉක්බාල් බංග්ලාදේශය අවමානයෙන් ගලවයි

ඉක්බාල් බංග්ලාදේශය අවමානයෙන් ගලවයි

ලෝඩ්ස් පිටියේ පැවැති එංගලන්ත බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කරමින් බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් එංගලන්තයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ජේෆ් බෝයිකෝට්ට කදිම පිළිතුරක් ලබා දුන්නේ ය.

ලෝඩ්ස් පිටියේ පළමුවරට ක්‍රීඩා කළ ඉක්බාල් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී ලකුණු 103 ක් රැස් කරනු ලැබුවේ පන්දු 100කට පමණක් මුහුණ දීමෙන් ය.

21 හැවිරිදි මේ පිතිකරු රැස්කළ ශතකය හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ පිල සිවුවැනි දිනය අවසානයේදී කඩුලු 5කට ලකුණු 328ක් රැස් කිරීමට සමත් වූහ.

බංග්ලාදේශයේ ටෙස්ට් තත්ත්ව හිමිකම පිළිබඳව විවේචනයක යෙදුනු බෝයිකෝටි විස්තර විචාරයේ යෙදී සිටියදී පැවසුවේ බංග්ලාදේශයට ටෙස්ට් තත්ත්වය ලබාදීම වැරැදි තීරණයක් බවය.

“ රූපවාහිනිය නරඹමින් සිටියදී මං දුටුවා බංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩාවේ නිරත නොවිය යුතුයි කියලා බොයිකෝටි කියනවා. ඒක මගේ හිතට දැඩි ශක්තියක් ඇති කිරීමට සමත් වුණා.

තම ඉනිමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ ඉක්බාල් පැවසුවේ ය.

බෝයිකෝටිගේ ප්‍රකාශයට එරෙහිව පිත්තෙන් පිළිතුරක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බව ඉක්බාල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා