ආධුනික බොක්සිං 5දා ඇරැඹේ

ආධුනික බොක්සිං 5දා ඇරැඹේ

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරනු ලබන කාන්තා සහ පිරිමි ආධුනික බොක්සිං තරගාවලිය 5 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් බොක්සිං ශාලාවේදී පැවැත්වේ.

වයස අවුරුදු 17 – 34 අතර විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කරනු ලබන මේ තරගාවලිය සඳහා ආධුනික බොක්සිං සංගමයේ බොක්සිං තරගාවලි තුල හෝ ත්‍රිවිධ හමුදා සහ පොලිස් බොක්සිං තරගාවලි තුල ජයග්‍රහණයන් නොලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකිය.

මේ තරගාවලියේ සූරයන්ට සහ අනුසූරයන්ට ජාතික බොක්සිං තරගාවලියට මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන සහ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියට තරග වැදීමේ අවස්ථාව උදා වේ. ජාත්‍යන්තර බොක්සිං නීති රීති අනුව පැවැත්වෙන මේ තරගාවලියට බර පන්ති 10 ක ඉසව් ඇතුළත්ය. කි. ග්‍රෑ. 49 සිට කි. ග්‍රෑ. 91 ට ඉහළ බර පන්ති පිරිමි ඉසව් සඳහාද කි. ග්‍රෑ. 48 සිට කි. ග්‍රෑ. 81 දක්වා කාන්තා ඉසව්ව සඳහාද ඇතුළත්ව තිබේ.

මේ සඳහා පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණ තරග පැවැත්වීමට නියමිත දිනවල පෙ. ව. 8.00 සිට 9.00 දක්වා රාජකීය විදුහල් බොක්සිං ශාලාවේදී පවත්වනු ලැබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා