යකඩ යකාගේ නවාතැන

යකඩ යකාගේ නවාතැන

එදා දුම්රිය පොළ අද පොලිසිය

කොළ පැහැ කොඩිය එසැවිණි. දුම් රොටු වළාවක් අහසට නැගුනේ මහත් හඬ නඟමිනි. මෙය මහත් අරුමයකි. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කොළඹ දුවන්නට සැරසෙන අරුමය දැක ගන්නට එදා යටියන්තොට ගරාගොඩට පැමිණි සෙනඟ දහස් ගණනකි.

ඒ මෙයට වසර සිය ගණනක පෙර කතාවකි. 1902 වසරේ ඇරඹි කැලණිවැලි දුම්රිය මඟේ එක් සංධිස්ථානයක් වූයේ ගරාගොඩයි. යටියන්තොට නගරයට ආසන්නව පිහිටි මෙම ගමේ ගොඩනැගූ දුම්රිය පොළෙන් පිටත්වූ යකඩ යකා දැන් එහි නොඑයි.

අවිස්සාවේල්ල-කොටුව දුම්රිය මෙඟ් ඇදෙන පුංචි කෝච්චියේ කතාවක අවසානය කියවෙන්නේ ඕපනායකයි. රත්නපුර දෙසට දිවෙන එම මාර්ගයත් අවිස්සාවේල්ල සිට කරවනැල්ල හරහා ගමන් කළ යටියන්තොට ගරාගොඩ මාර්ගයත් දැන් කිසි දිනක දුම්රියක්නෙත නොගැටෙයි. දුම්රිය මගත් නොපෙනෙයි.

එදා සුදු පාලකයන් විසින් වතු වගාව සඳහා බඩු ප්‍රවාහනයට ආරම්භ කළ මෙම මාර්ග අතර අපට ඉතිරිව ඇත්තේ දුම්රිය ස්ථානය පිහිටි ස්ථානයන් තවත් නැවතුම් පොළවල් කිහිපයක් පමණි.

1902දී දුම්රිය පොළට බඩු ගෙනගිය පාලම

එදා බඩු ගබඩාව අද පාසල

දුම්රිය ගමනා ගමනයේ අපූරු කතාව කියවෙන මෙම ස්ථානයන්හි දැන් ඇත්තේ රජයේ විවිධ ආයතන කිහිපයකි. දුම්රිය පොළක ස්වරූපයෙන්ම තවමත් දිස්වන මෙම ගොඩනැගිලි දකින විට එම සොඳුරු ගමනක සටහන් අදත් අපට සිහියට නැගෙයි.

ගරාගොඩ දුම්රිය පොළ පිහිටි ස්ථානයේ දැන් ඇත්තේ යටියන්තොට පොලිස් ස්ථානයයි. එයට මීටර් කීපයක් නුදුරින් පිහිටි බඩු ගබඩාව අද රජයේ මුස්ලිම් විද්‍යාලයකි. අවට පිහිටි දුම්රිය විවේකාගාර හා දුම්රිය නිවාස පොලිස් නිල නිවාස ලෙස ප්‍රයෝජනය ගනියි.

එහෙත් ඇතැම් ගොඩනැගිලි දැන් දකින්නට නොලැබුණ ද එදා මහත් වෙහෙසක් ගෙන ඉදි කල ගරාගොඩ යකඩ පාලමත් දුම්රිය පොළත් අදත් මෙහි වෙසෙන ජනතාවට අපමණ වූ සේවයක් ඉටු කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා