ශ්‍රී.නි.ප සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (7) පැවැත්විණි. වසර හතළිහක අභිමානවත් දේශපාලන ගමනක යෙදෙමින් රටත් පක්ෂයත් රැගෙන පෙරට යන ගමන වෙනුවෙන් ජනාධිපතිවරයාට පක්ෂයේ උපහාර අගමැති දි. මු. ජයරත්න, පක්ෂ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ අතින් පිරිනැමුණු මොහොත. පසුගිය මහ මැතිවරණයේදී දිවයිනේ් වැඩිම මනාප දිනූ ඇමැති බැසිල් රාජපක්ෂ සහ ඉහළම මනාප ප්‍රතිශතය ලබා ගත් නාමල් රාජපක්ෂ මහත්වරුන් ජනාධිපතිවරයා ගෙන් ස්වර්ණ තිළිණ සම්මාන ලත් අයුරු.

ඡායාරූප – චමින්ද හිත්තැටිය




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට අලුත් පාඩමක් කියා දෙයි

දේශපාලන ජීවිතයට වසර හතළිහක් සපිරෙන මොහොතේ තමන්ට බෙහෙවින් ආඩම්බරකමක් දැනෙන්නේ කුමන කෙනෙහිලිකම් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යන්නට සිහිනෙකින්වත් නොසිතුණු නිසා යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. වසර හතළිහක සිය අත්දැකීම් තුළින් තරුණ පරපුරට දෙන පණිවිඩය නම් “පක්ෂය සමඟ සිටින්න, එවිට පක්ෂය ඔබ රැක ගනීවි” යන්න යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාවට . . . . .

විස්තර »

40 වසක දේශපාලන දිවිය අගයා ජනපතිට ශ්‍රීලනිපයෙන් සම්මාන

හතළිස් වසරක දේශපාලන ගමන් මගේ අභිමානයත් සමඟින් පක්ෂයත් රටත් රැකගෙන පෙරට යන ගමන වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපහාර ලබයි. එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත මේ උපහාරය පුද කෙළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අගමැති දි. මු ජයරත්න, මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, භාණ්ඩාගාරික යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහත්වරු ජනාධිපතිවරයා වෙත මේ උපහාරය පුද කළහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණ වසර හතළිහක් ගෙවෙන මොහොතේ රැස් වූ ශ්‍රීලනිප කාරක සභාව එතුමන්ට ගෞරවණීය ආචාරය පුද කර සිටියේ ය.

විස්තර »

අන්තර් ජාතික විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කීරීමට පියවර අරන්

- උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

අන්තර් ජාතික විශ්වවිද්‍යාලවල පීඨ ඉක්මනින් මෙරට ආරම්භ කිරීම සඳහා දැනට සාකච්ඡා කරගෙන යන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගන්නා අවම ඉසෙඩ් ලකුණු අනුව මේවාටද සිසුන්’ ඇතුළත් කරගැනීම පිණිස නීති සකස්කරගත හැකි වන බවද ඇමැතිවරයා කීවේ ය. එම විශ්ව විද්‍යාල පීඨසඳහා මුදල් අයකරන බවත් එසේ මුදල් ගෙවිය නොහැකි සිසුන් සියයට විස්සක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමට එම පීඨ කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

විස්තර »

උතුරේ සංවර්ධනය කඩිනම් කිරීමට

ද්‍රවිඩ පාර්ලිමේන්තු නියෝජිතයන් හා ජනපති අතර සාකච්ඡා

උතුරේ දැනට සිදුකෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා උතුරේ ජනතාවගේ දෛනික ගැටලු විසඳීම සඳහා ජංගම කච්චේරි ක්‍රමයක් ද ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වේ. ඒ අනුව විවාහ උප්පැන්න සහ මරණ සහතික ලබාදීම ඇතුළු ජනතා අවශ්‍යතා කඩිනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික නියෝජිත පිරිසක් සමග ඊයේ (07) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා විසින් උතුරේ සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස මේ සාකච්ඡාවකදී පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

විස්තර »

ලොව උසම කේක් ආකෘතිය ලංකාවෙන්

 

රූපලාවන්‍ය හා කේක් නිර්මාණ උපදේශිකාවක වූ මහරගම, පතිරගොඩ ටනූජා රණසිංහ ලොව උසම කේක් ආකෘතිය නිර්මාණය කර ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත.එහි උස අඩි 26කි. තට්ටු ප්‍රමාණය 40කි.
මෙහි විශේෂත්වය දෙපැත්තේ කේක් දෙකක් නිර්මාණය කිරීමයි. එක් පැත්තක මංගල කේක් ආකෘතියකි. අනිත් පැත්තේ උපන්දින කේක් එකකි. මේ සඳහා ඇයට දින 116ක් ගතවී ඇති අතර, වැයකර ඇති මුදල් රු: 110,000කි. මේ කේක් ආකෘතියේ ජෙලටින්වලින් නිර්මාණය කළ මල් 35250ක් සහ කොළ 64,800ක් ඇත. ඇය විසින් නිර්මාණය කරන ලද මේ ලොව උසම කේක් ආකෘතිය ඇගේ උපන්දිනයදා ගිනස් තරගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිනස් වාර්තා කමිටුවේ නිරීක්‍ෂණයට පිළියන්දල දම්පේ විලේජ් හෝටලයේදී ප්‍රදර්ශනය කරනු ලැබිණි.



වෙළඳ දැන්වීම් . . . .

 
මල්ලියි මමයි කොළඹට එන වෙලාවේ
කළු කරගෙන ආවයි වැහි වලාවේ
අනවසරෙන් බිල්ඩින් හැදු වෙලාවේ
අවසර අරන් වැහැපන් වැහි වලාවේ