හොරණ රෝහලේ අබලි ද්‍රව්‍ය අලුත්වැඩියාවෙන් පසු යළි ප්‍රයෝජනයට

හොරණ රෝහලේ අබලි ද්‍රව්‍ය අලුත්වැඩියාවෙන් පසු යළි ප්‍රයෝජනයට

කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ලක්ෂ ගණනක ඉතිරියක්

මෙුළු රටටම මහත් ආදර්ශයක් දෙමින් ජනතාවගේ සම්පත් නිසි ආකාරයෙන් ජනතාවටම ලබා දීමේ මහඟු සේවාවක් හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා ප්‍රධාන වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය සහ සුළු සේවකයින් ආරම්භ කර ඇති අයුරු අපි හොරණ රෝහල් පරිශ්‍රයේදී දුටුවෙමු. අපි මේ ගැන වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතාගෙන් ම විමසමු.

හොරණ මුලික රෝහලේ ට්‍රොලි, ඇඳන්, පුටු, කබඩ්, ස්ක්‍රින්, මේස, විදුලි පංකා, ශීත කරණ ආදි භාණ්ඩ රාශියක්ම කැඩී බිඳී අබලි ද්‍රව්‍ය වශයෙන් පැත්තකට කර තිබුණා. අනෙක් රෝහල් ආයතන පාසල්වලත් වසරකට වරක් මෙබඳු භාණ්ඩවල සංගණනයක් ගන්නවා. මේවා ජනතාවගේ භෞතික සම්පත්.

බොහෝ අබලි භාණ්ඩ නැවත අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. හොරණ මූලික රෝහලට බොහෝ ගොඩනැගිලි භාණ්ඩ ප්‍රදේශයේ දානපතියන්ගෙන් විවිධ සමාජ සේවා ආයතනවලින් ලැබී තිබෙනවා. රෝහල් බලධාරීන් වශයෙන් අපි ඒවා නිසි ආකාරයෙන් භාවිත කිරීමට කළමනාකරණය කර ගැනීම වැදගත්.

අලුත්වැඩියා කිරීම සඳහා අනුග්‍රාහක සහාය අත්‍යවශ්‍ය වේ. 2010 වසරේදීත් එම අනුග්‍රහය ලබා දුන්නේ හොරණ අරමනාගොල්ලේ කාර්මික ජනපදයේ මැකී සමාගමෙන්. එම සමාගම මෙම සද්කාර්යය අපට ඉටු කර දෙන්නේ 2000 වසරේ පටන්. අබලි භාණ්ඩ ගබඩා කර තබන්නට රෝහලේ ඉඩ කඩක් ද නෑ. අද ඒ අබලි භාණ්ඩ අලුත්වැඩියා කර යළිත් ගෙනත් දුන්නා. සියලු සේවාවන් සිදුවන්නේ මැකී සමාගමෙන් නොමිලේ.

අරමනාගොල්ල කාර්මික ජනපදයේ පිහිටි මැකී සමාගමේ සිට ලොරි හතරකින් භාණ්ඩ රෝහල් පරිශ්‍රයට ගෙන ආ අයුරු.

අපි ඒ ශ්‍රමදාන කාර්යයෙහි නියුක්ත වූ කාර්ය මණ්ඩලයට රෝහලේ පොදු පහසුකම් ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර දී තිබෙනවා. මෙම භාණ්ඩ ටික ප්‍රසිද්ධියේ වෙන්දේසි කළා නම් රු. 25000 – 20000 ක් අතර මුදලක් රෝහලට ගන්නට තිබුණා. අද අලුත්වාඩියා කළ භාණ්ඩ තොගයේ වටිනාකම රු. ලක්ෂ 20 කට වැඩියි.

කාර්මික ජනපදයේ මැකී සමාගමේ කළමනාකරු දයා කුලතුංග මහතාගෙන් ද අපි කරුණු විමසමු.

මේ සේවාව අපි 2000 වසරේ පටන් ඉටු කරනු ලබන්නේ පුණ්‍ය කර්මයක් වශයෙන්. සමහර අබලි භාණ්ඩ අලුත්වැඩියා කිරීමේදී උපාංග දැමීමට සිදු ;වනවා. අපි ඒ කාර්යත් මැනවින් ඉටු කරනවා. රෝහලේ කොරිඩෝරය දිගේ වාට්ටුවට අසාධ්‍ය රෝගීන් ට්‍රොලියේ තබා ගෙන යාමේදී උපස්ථායකයන් තිදෙනෙකු අවශ්‍ය වෙනවා.

ඔක්සිජන් සිලින්ඩරය, සහ සේලයින් සහ රෝගියා වෙනම ගෙන යා යුතු වෙනවා. අවශ්‍ය සියලු භාණ්ඩ එම ට්‍රොලියටම සවි කිරීමට අපි සැලසුම් කළා. දැන් එක් උපස්ථායකුට මෙම කාරිය කරන්නට පුළුවන්. මෙම අලුත්වැඩියාවන් සඳහා මාස දෙකක් පමණ ගත වුණා.

අපි මේ ගැන ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගියෙකුගෙන්ද තොරතුරු විමසුවෙමු. මෙම කාර්යය අනෙක් රජයේ ආයතනවලටත් ලොකු ආදර්ශයක්. ඔක්කොම රජයෙන් කරන කං බලා සිටිනවනෙ සමහරු. අපේ රෝහලේ මහත්වරුන්ටයි මැකී සමාගමේ මහත්වරුන්ටයි අපි පිං දෙන්න ඕන.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා