සත්කාරක ද.අපි‍්‍රකාව පරදී

සත්කාරක ද.අපි‍්‍රකාව පරදී

උරුගුවේ ඩියාගෝ ෆෝර්ලෑන් තරගයේ 24 වැනි මිනිත්තුවේ දී මීටර් 25ක දුරින් සිට එල්ල කළ විශිෂ්ට පහරකින් ලැබූ ගෝලයක් ඔහු විසින්ම දඬුවම් පහරකින් ලැබූ ගෝලයක් හේතුවෙන් සත්කාරක දකුණු අපි‍්‍රකාව පරදවා ගෝල් 3 - 0 ක ජයක් අත්පත් කර ගැනීමට උරුගුවේ පිල සමත් විය. දෙවරක්ම ලෝක පාපන්දු කිරුළ දිනූ දකුණු අමෙරිකානු රටක් වන උරුගුවේ එම ජයග්‍රහණයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ය.

උරුගුවේ ඩියාගෝ ෆෝලෑන්

තරගයේ 76 වැනි මිනිත්තුවේදී දකුණු අපි‍්‍රකාවේ කෑනේට තරග විනිසුරු රතු කාඩ් පත ලබාදීම නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර එම සිදුවීම ද දකුණු අපි‍්‍රකානුවන්ට මානසික ලෙස බලපෑවේ ය. 1994 වසරේ දී බ්‍රසීලයට පාපන්දු ලෝක කිරුළ හිමිකර දීමට පුරෝගාමියා වූ පුහුණුකරු කාලෝස් ඇල්බටෝ පෙරෙයිරා දකුණු අපි‍්‍රකාණු පිලේ පුහුණුකරු ලෙස වැඩ බාරගත් පසුව පරාජයට පත් වූ ප්‍රධානතම තරගය මෙය වේ. ඔහුගේ පුහුණුකාරත්වයෙන් දකුණු අපි‍්‍රකානු පිල මීට පෙර ක්‍රීඩා කළ තරග 13 කදීම ජය හිමිකර ගත්හ.

ස්විස්ටර්ලන්තයට 1 - 0 ක ජක්

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සෙසු රටවල් විශ්මයට පත් කරමින් ස්පාඤ්ඤය ගෝල් 1 –0 ක ලෙස පරාජයට පත්කිරීමට ස්විට්ස්ර්ලන්තයට සමත් විය. “ශතවර්ෂයේ පාපන්දු පිල” ලෙස විරුදාවලිය ලැබූ ස්පාඤ්ඤය පරාජය කිරීමට ස්විට්ස්ර්ලන්තයට හැකිවීම එරට පුහුණුකරු ඔටාමර් හිට්ස්ෆෙල්ඩ් හැඳින්වූයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසටය.

චිලී පිලට ගෝල් 1 -0 ක ජයක්

වසර 48කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගයක ජය හිමිකර ගනිමින් ඉතිහාස ගතවීමට චීලී පිල සමත්විය. ඒ හොන්ඩරස් පිලට එරෙහිව ගෝල් 1 - 0 ක ජයක් වාර්තා කිරීම හේතුවෙනි. 1962 වසරේදී බ්‍රසීලයට පාපන්දු කිරුළ හිමිවූ තරගමාලාවේ තුන්වැනි ස්ථානය ලබා ගනිමින් යුගෝස්ලෝවියාව පැරද වූ චිලී පිල ඉන් අනතුරුව තරගාවලි 4 කදී සහභාගි වූ තරග 13 ම පරාජයට පත්වී තිබිණි.

අද පැවැත්වෙන තරග

ප.ව.5.00 ට - ජර්මනිය - සර්බියාව
ප.ව.7.30 ට -ස්ලෝවේනියාව - අමෙරිකාව ම
ධ්‍යම රාත්‍රි 12.00 ට - එංගලන්තය - ඇල්ජීරියාව

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා