කෞෂාල් සිල්වා - සුරංග ලක්මාල් ටෙස්ට් සංචිතයට

කෞෂාල් සිල්වා - සුරංග ලක්මාල් ටෙස්ට් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ 15 වැනිදා ගාල්ලේදී ඇරැඹෙන පළමු ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩකයන් වන සුරංග ලක්මාල් සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් වේග පන්දු යවන ලසිත් මාලිංගට විවේකය ලබා දීමේ අරමුණින් ඔහු ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොමැති අතර දඟ පන්දු යවන්නන් ලෙස අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව් හා රංගන හේරත් නම් කර තිබේ.  16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ නායකත්වයට කුමාර් සංගක්කාරට උප නායකත්වය මහේල ජයවර්ධනට ද හිමි වී ඇත.

ශ්‍රී ලංකා පිල

කුමාර් සංගක්කාර (නායක), මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රසන්න ජයවර්ධන, තිළිණ කණ්ඩම්බි , අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, රංගන හේරත්, කෞෂාල් සිල්වා, ධම්මික ප්‍රසාද්, ඩිල්හාර ප්‍රනාන්දු , තිළිණ තුෂාර, සුරංග ලක්මාල්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා