අශෝක විද්‍යාලයට ක්‍රිකට් ජයක්

අශෝක විද්‍යාලයට ක්‍රිකට් ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ අශෝක විද්‍යාලය හා කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය පරදවා කොළඹ අශෝක විද්‍යාලය ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය.

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද මේ තරගයේ දී අශෝක විද්‍යාලය වෙනුවෙන් මලින්දු මදුරංග පන්දු 55කදී ලකුණු 138ක් ලබා ගැනීම කැපීපෙනුණි.

සාන්ත තෝමස් විද්‍යාලය ඕවර් 70කදී සියලු දෙනා දැවී ලකුණු 172- ඒ කළණ 36, ජී. ටිහාන් 29 (වයි. හරිශ්චන්ද්‍ර ලකුණු 39ට කඩුලු 3, කේ. ප්‍රමෝද් ලකුණු 15ට කඩුලු 2, එච්. ටිෂාන් ලකුණු 54 ට කඩුලු 2)

අශෝක විද්‍යාලය ඕවර් 28ක දී කඩුලු 3ට ලකුණු 258 - ඩී. මලින්දු 138, අයි. ප්‍රසංජය 61, ඒ. සදුර 28 (එම්. ඉෂාක් ලකුණු 58ට කඩුළු 2).

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා