ඇතැම් රාජ්‍ය සේවකයන්ට රාජකාරියක් පැවරූවිට කරන්න බෑ කියා හේතු සියයක් කියනවා

ඇතැම් රාජ්‍ය සේවකයන්ට රාජකාරියක් පැවරූවිට කරන්න බෑ කියා හේතු සියයක් කියනවා

- ඇමැති එස්. බී. දිසානායක

තමන්ගේ ජීවිත කතාව ලියා තබමින් තමා උපන් දේශයටත්, ලෝකයාටත් යම් කිසි පණිවුඩයක් දුන් පුද්ගලයින් අතුරින් ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වැනි දේශ ප්‍රේමීන් ලෝක පූජිත පුද්ගලයින් බවට පත්වී තිබෙන බව, උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා කීය.

මාතලේ හිටපු මහ දිසාපති රම්‍ය සිරිවංශ මහතා විසින් රචිත “බත්තරමුල්ල හා අපේ උරුමය” කෘතිය දොරට වැඩීම වෙනුවෙන් බත්තරමුල්ල ඉන්දජෝති මහා විද්‍යාලයේ පැවැති රැස්වීමකදී දිසානායක මහතා මේ බැව් කියා සිටියේය.

අද රාජ්‍ය සේවය එදාවගේ නොවෙයි. එදා රාජ්‍ය සේවකයා සේවයට බැදුනේ ජනතාවට සේවය කරන්නයි අද ඇතැම් රාජ්‍ය සේවකයින්ට යම් රාජකාරියක් කරන්න කී විට කරන්න බෑ කියල හේතු සීයක් කියනවා. තවත් සමහරු ලිපිගොනුව පැත්තකින් තියා නිහ¼ඬව ඉන්නවා.

අලුත් දෙයක් නිර්මාණය කරන්න මේ රට ඉහළට ගන්න මාර්ග සොයන්න රටට ආදරය කරන්න උනන්දුවක් නැහැ.

1966 රාජ්‍ය සේවයට පිවිසි අය රට වෙනුවෙන් අවංකව සේවය කළා. ඉඩම් සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවයට බැදුන රම්‍ය සිරිවංශ වැනි අය එදා කොතෙකුත් සිටියා. රාජ්‍ය සේවය එදා බැබලුනේ මේ නිලධාරීන් නිසයි. අද ඔවුන් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවත් තම උපන් බිම වෙනුවෙන් සේවය කිරීම අපි හැම දෙනාම අගේ කරනවා.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා, නිහතමානි වෙන්න පුළුවන් ලේඛකයින් සිටිනවා නම් ඉතාම ස්වල්ප දෙනෙක් පමණයි. ලේඛකයින් සංවේදීව ලියන දේ පොත් කියවන අයට අනුප්‍රානයක් වෙනවා.

ගම නිසා සමහරු බැබලෙනවා. මෙවැනි ලේඛකයින් නිසා තමන්ගේ ගම බැබලෙනවා. “තමා උපන් බිම ස්වර්ගයටත් වඩා උතුම්” යන කියමනක් තිබෙනවා. රම්‍ය සිරිවංශගේ කෘතිය බත්තරමුල්ලට එන අයට හොඳ අත්පොතක් වෙනවා නිසැකයි.

අලුත්කුරු කෝරලයේ ප්‍රධාන සංඝනායක දේවහන්දියේ ධම්මාරාම හිමි, ලංකා සභාවේ ආසිරි ප්‍රනාන්දු පියනම, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, හිටපු අධ්‍යාපන අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන්ද කථාකළ අතර, කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී. එච්. බුද්ධදාස මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා