බොදු සිත් පහන් කළ අසිරිමත් පින්කම

බොදු සිත් පහන් කළ අසිරිමත් පින්කම

කඨින පිංකම සිංහල බෞද්ධයන්ගේ ආගමික ජීවිතයේ ශ්‍රේෂ්ඨ අවස්ථාවකි. එය අතීතයේදීත් එසේමය. තෙවැනි දල්ල මොග්ගල්ලාහ රජතුමා ලක්දිව සියලු ආරාමවලට කඨින චීවර පූජා කළ බව ඉතිහාසයේ සඳහන්වේ.

සිංහලයන් සැබැවින්ම දහමට ලැදි ජාතියකයි යන කීර්තිය පරතෙරට ද පැතිර තිබිණි. හියුන් සං හිමියෝ සිංහලයන් ගැන මෙසේ ප්‍රකාශ කර ඇත. “ඔවුහු ශාස්ත්‍රය හා ශීලය අගය කොට සලකති. ආගමික සත්ගුණයට බොහෝ ගරු කරති. පින් රැස්කර ගැනීමට වෙහෙසෙති.

පසුගිය නොවැම්බර් 05, 06 දිනවල දඹදිව ජේතවනාරාමයේ පැවැති කඨින පුණ්‍යෙත්සවය ද එහි පැවැති බුදු හරසර වන්දනාවන්ද දුටු අයෙක් වෙත්නම් ඒ අය බොහෝ සතුටු වන අතරම මීට ශතවර්ෂ ගණනාවකට පෙර හියුන් සං හිමියන් සිංහල බෞද්ධයන් පිළිබඳ දැක්වූ අදහස් අදද එසේම නොවෙනස්ව පවතින බව ප්‍රකාශ කරනු ඇත. මන්ද වසර 2300ක සිටම සිංහලයන්ගේ ආගමික භක්තියත් පිංකම් පැවැත්වීමේ ආශාවත් වෙනස්වී නැත.

පහන් ලක්ෂ ගණනකින් ආලෝකවත් වූ ජේතවනාරාම පුදබිම බැබලෙන විට සාධු සාධු යැයි නොකියන කෙනෙක් නැත. පහන් ආලෝකයෙන් ඔපවත්වූ ජේතවනාරාම පින්බිම පුරා මම ඇවිද ගියේ අප්‍රමාණ බුදු බැතියක් හිතේ දරාගෙනය.

මෙවන් පිංකමකට සහභාගිවීමේ හැකියාව ලැබීම සැබැවින්ම සතුට දනවන්නක් විය. අලංකාර ලෙස රෝසමලින් සරසා තිබූ එදා බුදුන් වැඩ සිටි ගන්ධකුටිය නමස්කාර කළ මම ඒ පින් මගේ මියගිය මවුපියන්ට අනුමෝදන් කළෙමි.

බොහෝ උවැසි උවැසියන්ද ගන්ධ කුටිය වැඳ දෙනෙත් පියාගෙන වන්දනා ගාථා කියනු මට දක්නට ලැබිණි. දඹදිව චාරිකාවේදී සැතැපුම් දහස් ගණන් ගමන් කරමින් නොයෙකුත් පීඩාවන් ලැබුවද ඒ සියලු පීඩාවන් මේ පිංකමේ ආලෝකය නිසාම තුරන්ව ගොස් මහත් සැනසුමක් හා ශාන්තියක් ඇතිව තිබෙන බව මේ උවැසි උවැසියන්ගේ මුහුණුවලින්ම මට අවබෝධ විය. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ ඒ මහඟු පිංකමේ විවිධ අවස්ථාවන්ය.

කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි සංවිධානයට තවදුරටත් මෙවැනි පිංකම් පැවැත්වීමට හැකිවේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

5 වැනිදා හිමිදිරියේ උදෑසන බුද්ධ පූජාව රැගත් මල් පෙරහර ජේතවනාරාම පුද බිමට ඇතුල් වන අයුරු

සිල් සමාදන් වූ උවැසි උවැසියෝ

සුමිත් පලිහවඩන මහතා දියතලාවේ පියදස්සී හිමියන්ට ධර්ම දේශනය සඳහා ආරාධනා කරන අයුරු

සීල සමාදාන පින්කමට සහභාගි වූ මහා සංඝ රත්නය

ගන්ධ කුටිය වටා තැන්පත් කර තිබූ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා

පහන් ආලෝකයෙන් බබලන ජේතවනාරාමය

පහන් ආලෝකයෙන් බබලන ජේතවනාරාමය

පහන් ආලෝකයෙන් බබලන ජේතවනාරාමය

ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමි, ආනන්ද බෝධි සමාගමේ මහලේකම් ඇල්ගිරියේ සංඝරතන හිමි, සැවැත්නුවර ලංකාරාමාධිපති රුක්මල්පිටියේ සද්ධාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නයට කඨින චීවරය පූජා කළ අවස්ථාව.

සියක් නමකට අධික මහා සංඝරත්නය දානයට වැඩ සිටි අයුරු

දානමය පින්කමට සහභාගි වූ ඉන්දියානු මහා බෝධි සමාගමේ නියෝජ්‍ය මහ ලේකම් කහවත්තේ ශ්‍රී සුමේධ හිමියන් විසින් අනුශාසනාව පැවැත් වූ අයුරු

පින්කමට පැමිණ සිටි ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස
 

කඨින පෙරහර ආරමභ කිරීමට සූදානම් වෙමින්

පන්දම් පෙරහර

හේවිසි කණ්ඩායම්

සුමිත් පලිහවඩන මහතා සහ ආරියදාස වීරමන් මහතා කඨින චීවරය පුජා කිරීමට සූදානම් වෙමින්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා