අනියම් බිරියන් දෙදෙනකු ඇසුරු කළ අනංගයාට කුඩ මිටෙන් සංග්‍රහ

අනියම් බිරියන් දෙදෙනකු ඇසුරු කළ අනංගයාට කුඩ මිටෙන් සංග්‍රහ

අනියම් බිරියන් දෙදෙනෙකු ඇසුරු කළ අනංග පෙම්වතකුට දැදිගම පොලිසිය ඉදිරිපිටදී කුඩමිටි සංග්‍රහයක් ලැබුණු සිද්ධියක් මෙසේ වාර්තා වෙයි.

මේ තිදෙනාම විවාහකයන් වන අතර තිදෙනාම එලමල්දෙණියට ආසන්න ගම්මානයක පදිංචිකරුවෝය.

අනංග පෙම්වතාද රාජ්‍ය ආයතනයක හොඳ වැටුපක් ලබන කඩවසම් පුද්ගලයෙකි. ඒ නිසාම ඔහු අත දිග හැර දෙදෙනාටම මුදල් වියදම් කරති. එකිනෙකාට හොරෙන් මේ සම්බන්ධය පවත්වා තිබේ.

මේ අතර එක් අනියම් බිරියකගේ ඥාති පුතකුට රැකියාවක් ලබාදීමට කටයුතු කර ඇත. මේ බව කනට වැටුණු අනෙක් අනියම් බිරිය මහ මගදී හමුවී මොහුගෙන් මේ බව විමසා තිබේ’ කතා බහ දුර දිග යෑම නිසා අන්තිමේදී සිදුවූයේ අනියම් බිරියද හොඳ හැටි ගුටි කෑමය.

ලැජ්ජාවට පත් ඇය සම්පූර්ණ සිද්ධිය දැදිගම පොලිසියට ගොස් පවසා පැමිණිල්ලක්ද කර ඇත.

තිදෙනාම පොලිසියට කැඳවූ දැදිගම පොලිස් ස්ථානාධිපති බාලසුරිය මහතා කරුණු කාරණා කියාදී තිදෙනාට අවවාද කර පොලිසියෙන් පිටත් කර තිබේ.

මෙසේ පොලිසියෙන් යන අතුරතුර එක් අනියම් බිරියක් අනංගයාට කුඩ මිටින් පහර පිට පහර දෙන්නට විය. එවිට අනිත් අනියම් බිරියත් තෝත් මාව කෑවා හොර අනංගයා කියා කුඩෙන් පහර දෙන්නට විය. කිසිත් කරගත නොහැකිව සිටි අනංගයා එතනින් දුවන්නට විය.

බිරියන් දෙදෙනාද මාර්ගයට ගොස් බසයක් එනතුරු දෙදෙනාට දෙදෙනා රවමින් කාලය ගත කළ බව වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා