අලව්වේ පෙර පාසල් පාලිකාව කාමතුරයකුගේ පිහි පහරින් මරුට

අලව්වේ පෙර පාසල් පාලිකාව කාමතුරයකුගේ පිහි පහරින් මරුට

මේ අපරාධය සිදුකළ අයට නිසි දඬුවම් දෙන්න

අලව්වේ තුඹුල්ල සිඟිති දරු දැරියන්ට අකුරු කරවූ තුඹුල්ල “රන්තරු” පෙර පාසලේ පාලිකා සන්ධ්‍යා කුමාරි රත්නායක මුළු තුඹුල්ල ගමම හඬවමින් පසුගියදා අවසන් ගමන් ගියාය.

26 හැවිරිදි එක් දරු මවක් වූ සන්ධ්‍යාට මෙසේ අවසන් ගමන් යන්නට සිදුවූයේ මත්කුඩු හා මත්පැන්වලට ඇබ්බැහි වූ තම ඥාති සහෝදරයකුගේ පිහි පහරකිනි.

තම සිතෙහි කැකෑරෙමින් තිබූ ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ඇය එකඟ නොවීම නිසා තුඹුල්ලේ සමන්ත කුමාර පතිරණ නැමැති අය පිහියෙන් ඇන ඇය ඝාතනය කර ඇති බව සාක්කිවලින් හෙළිවිය.

සන්ධ්‍යාගේ සැමියා

සන්ධ්‍යා කුමාරිගේ මව වන දයාවති ජයලත් මහත්මිය මෙසේ කීවාය.

අනේ මගේ දුව කිසි කෙනෙකුට වරදක් නෑ. මගේ ඇස් දෙක ඉදිරියේම දුවට පිහියෙන් ඇන්නා. මේ වගේ අපරාධ ආයේ කරන්න ඉඩ දෙන්න එපා.

ත්‍රිමෝද් පුතා

සන්ධ්‍යා කුමාරිගේ සැමියා වන ඇම්. පී. ලලිත් රෝහණ කුමාර, අපට තිමෝද් ලලිත් කුමාර කියලා කුඩා පිරිමි දරුවෙක් ඉන්නවා. මගේ බිරිය ගැන ඔහු අදහසක් ඇති කරගෙන හිටියා. ඇය ඒවට කැමැති වුණේ නැහැ. පිහියෙන් අනින්න හේතුව ඒකයි.

මේ මිනීමැරුම සම්බන්ධයෙන් තුඹුල්ලේ සමන්ත කුමාර පතිරණ නැමැති අය අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා