ඇල්බේනියානු අගමැති හා විරුද්ධ පක්ෂය අතර ගැටුම් උග්‍රඅතට

ඇල්බේනියානු අගමැති හා විරුද්ධ පක්ෂය අතර ගැටුම් උග්‍රඅතට

තුන්දෙනෙක් ජීවිතක්ෂයට

ඇල්බේනියානු අගමැති සලී බෙරීෂා සහ එරට විරුද්ධ පක්ෂය අතර පසුගිය සතියේදී ප්‍රචණ්ඩ ගැටුම් ඇති වී තිබේ. මෙම ගැටුම්වලින් පුද්ගලයන් තුන්දෙනෙක් මියගොස් ඇත. ඒකාධිපති කොමියුනිස්ට් පාලක එන්වර් හොක්සාගේ ඒකාධිපති පාලනය යටතේ වසර 50ක් පැවති ඇල්බේනියාව 1990 දී මුදාගත්තේ බෙරීෂා ලෙස සැලකේ. 2009 වසරේදී පැවැති මැතිවරණයෙන් අනතුරුව පාලක පක්ෂය සහ විරුද්ධ පක්ෂය අතර ගැටුම් නිසා එරට කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.

සිවිල් යුද්ධයකට ආසන්න ස්වරූපයක් ගත් මෙම ගැටුම්වලින් පුද්ගලයන් 21000ක් පමණ මියගොස් තිබේ. එම ගැටුම් නතර වූයේ නේටෝ හමුදාවේ මැදිහත් වීමෙන් අනතුරුවයි. කලින් ඡන්ද විමසීමක් කැඳවන ලද්දේ ඉන් පසුවයි. ඇල්බේනියානු පාලනය දූෂිත එකක් බවට විරුද්ධ පක්ෂ නායක එසී රාමා චෝදනා කරයි. මේ අතර, ජනාධිපති බෙරීෂා විරුද්ධ පක්ෂය තම පාලනයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා