ඉන්ධන කොල්ලය ඇසින් දුටු නිලධාරියාට භූමිතෙල් දමා ගිනිතබලා

ඉන්ධන කොල්ලය ඇසින් දුටු නිලධාරියාට භූමිතෙල් දමා ගිනිතබලා

විරෝධය පා 80,000ක් රජයේ සේවකයෝ වැඩ වරති

මහාරාෂ්ට්‍රයේ ඉන්ධන කොල්ලයක් අනාවරණය කරගත් රජයේ නිලධාරියකු භූමිතෙලින් නහවා ගිනිතබා ඝාතනය කිරීමට එරෙහිව පෙරේදා 80,000 ක් පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත්ව සිටි බව මහාරාෂ්ට්‍ර රාජ්‍ය නිලධාරි සංගමයෙන් ප්‍රකාශ වී තිබේ. යශ්වාන්ත් සොනාවනි නම් මේ නිලධාරියා, නාෂික් නම් ස්ථානයේ දී ඉන්ධන බවුසරයකින් භූමිතෙල් සොරාගන්නා අයුරු දැක ඇති අතර සොරකල්ලිය ඔහුට භූ®මිතෙල් වත්කර ගිනිතබා ඇත්තේ ඉකුත් අඟහරුවාදාය. මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු ප්‍රාන්තය පුරාම විරෝධතාවන් පැනනැඟී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බවත් බරපතළ තුවාල ලත් ප්‍රධාන සැකකරු මුම්බායි රෝහලට ඇතුළත් කර තිබෙන බවත් පොලිසිය කීවේය. 42 හැවිරිදි යස්වාන්ත් අතිරේක දිස්ත්‍රික් අයකැමියකු වූ අතර ඔහුගේ සිවිල් සේවා තනතුරට අදාළ පරිපාලන කටයුතුවලට අතිරේකව අයබදු රැස්කිරීමට ද යොමුව තිබිණ.

සිද්ධියේ දී එතැනින් පළාගොස් දිවි බේරාගත් ඔහුගේ සහායක නිලධාරියා “යස්වාන්ත්, කොල්ලය පිළිබඳ විස්තර සිය ජංගම දුරකතනයේ සටහන් කැර ගැනීමෙන් පසු ඔහුට ගිනි තැබුණු බව කියා තිබේ. භූමිතෙල් ඉන්දියාවේ සහන මිලට ලබා දෙන්නක් වන අතර ‘ඉන්ධන මාෆියා’ව ලෙස අනුදත් කොල්ල කල්ලි ඒවා බවුසර්වලින් සොරාගෙන අධි මිල පැට්‍රල් සමඟ මිශ්‍රකර විකුණන බව පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා