හොරෙන් සැටලයිට් රූපවාහිනී ඇන්ටෙනා නිපදවන්නන් හිරේට

හොරෙන් සැටලයිට් රූපවාහිනී ඇන්ටෙනා නිපදවන්නන් හිරේට

කියුබාවේ අලුත් නීතියක්

අනවසර සැටලයිට් ටෙලිවිෂන් ඇන්ටෙනා හා ප්‍රතිග්‍රාහකයන් නිපදවන හෝ විකුණන පුද්ගලයන්ට සිරදඬුවම් ලබාදීමට අමතරව දඩ ගැසීමටද කියාබානු බලධාරීන් පියවර ගෙන තිබේ. සැටලයිට් රූපවාහිනී සඳහා පරිවෘත්තීය ඇන්ටෙනා හා ප්‍රතිග්‍රාහක කාඩ්පත් නිර්මිත ව්‍යාපාරයක නිරත කියුබානුවන් තිදෙනකුට ඉකුත් වසරේදී මාස 16 සිට දෙවසර දක්වා සිරදඬුවම් නියම කෙරී ඇති බව "ග්‍රැන්මා" පුවත් පත වාර්තා කර ඇත.

ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් මගින් ප්‍රවෘත්ති හා සන්නිවේදන අමාත්‍යාංශය විසින් පනවනලද නීති රීති උල්ලංඝනය වී ඇති අතර ඒ සඳහා සෙස්සන්ට අනුබලදීමක් සිදුව ඇතැයිද පුවත්පත පෙන්වාදී තිබේ. සිරදඬුවමට අතිරේකව ඔවුනට ඇන්ටෙනාවකට ඩොලර් 55 බැගින්ද කාඩ්පතකට ඩොලර් 33 බැගින්ද දඩ මුදල් නියම කෙරී ඇත. මෙවන් රූපවාහිනි සේවා මගින් සිදුවන විදේශ මැදිහත්වීම් නිසා සංස්කෘතික හා මානුෂික වශයෙන් අහිතකර පණිවිඩ නිකුත් වෙමින් පවතින බව බලධාරීන් පෙන්වා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා