මහා සතිපට්ඨාන සූත්‍රාන්ත ධර්ම දේශනාව

මහා සතිපට්ඨාන සූත්‍රාන්ත ධර්ම දේශනාව

ශ්‍රීඝණ සුගත තථාගත දෙවාතිදෙව ලෝක ස්වාමි වූ බුදුරාජණන් වහන්සේ විසින් සුරාසුර නරොරගාදී සර්ව සත්ත්ව හිතාර්ථිව දේශනා කොට වදාළා වූ මේ සතිපට්ඨාන සුත්‍රාන්ත දේශනාව වූ කලී අතිශයඞශවර්යය වූ ධර්ම දේශනාවකි. ඒ කෙසේ ද යත් ?

මේ ශ්‍රී ලංකාද්වීපයෙහි කුඹල් තිස්පවුවෙහි ආර්යාකර නම් විහාරයක් ඇති. ඒ වෙහෙරැ එක් බභාරයෙක පන්සියයක් පමණ කිරිවවුලෝ එක්ව වාසය කරන්නාහු ය. ඒ පබභාරයට නුදුරු වූ ගල්ලෙනක වසන එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් දවස් පතා මේ සතිපට්ඨාන සූත්‍රය පිරිවානාසේක. එකල් හි ඒ කිරිවවුලෝ ඒ ධර්ම ශබ්දය ශබ්දය අසා එහි අනර්ථයක් හෝ පදයක් හෝ අක්ෂරයක් හෝ නොදැන ශබ්ද මාත්‍රයෙහි සිත් පහදවා මෑත භාගයෙහි එයින් මිය එම කුශල බලයෙන් විහාරයට නොදුරු වු එක් ගමෙක මිනිස්ව උපන් හ.

ඒ සියල්ලෝ ම නිරෝගීව සුවපත්ව ඔවුන්නොවුන් සමඟිව සතුටින් පිනා වැඩෙන්නාහූය. මෙසේ පෙරඞසඳමෙන් වැඩෙන ඔහු තුමූ එක් දවසක් එම විහාරයට ගොස් ආර්යවංශ සූත්‍ර දේශනාව අසා සසර කලකිරී ළදරු වියෙහි ම පින්කම් කිරීමෙහි යෙදී වසන්නා වු අනික් දවසෙක විහාරයට ගොස් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා ගිහිගෙයි ආලය හැර මහණව ඒ හැම දෙනා වහන්සේ පළමු කිරිවවුල්ව උපන් සමයෙහි වූසු පබභාරයෙහි ම සිත් අලවා වාසය කෙරෙති. ඉක්බිති එක් දිනක් ඉන් එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් ස්වාමීනී ! මේ පබභාරය වවුල් ගඳය කුමක් කෙරෙම් දැයි කීය.

ඒ අසා මහතෙරුන් වහන්සේ වදාරන්නාහු ඇවැත්නි ! මීට පළමු ජාතියෙහි තොපි වවුල්ව ඉපිද මෙහි බොහෝ දවසක් විසූ බැවින් ඒ තොපගේ වර්චස් ගඳයයි වදාරා පූර්වජාතික ප්‍රවෘත්තිය විස්තර කොට ප්‍රකාශ කළ සේක. ඒ අසා හැම දෙනා වහන්සේ සසර කළකිරි වසන්නාහු නැවතත් මේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය අසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් පෙළෙහි සිටියාහු ය. නැවතත් එක් දවසෙක මේ මහාසතිපට්ඨාන සූත්‍රය ම අසා (යෙළ දහසක් පමණ වූ) සකල කෙලශයන් නසා සිව්පිළිසිඹියාපත් රහත්වන සියලු සසර දුකින් මිදී ගියහ.

එසේ හෙයින් :-

සාරාසාර විවේකහාවරහිතා පක්ඛිපි කිඤ්චාවිදූ

සුත්ථා වගගුලියො රවංව යතිනො පාළිංහි සච්ඣයතො,

වින්දනනා මහතිං සිරිහරං කාමගනියං තප්ථලා

සම්පත්නා ජිනසෙවිතං සීවපදං තුමහාදිසා කා කාථා” යි

දක්වන ලද්දේ ය. (සරු නිසරු වෙන් කොට දැන ගැන්මෙහි දු නොසමත්වූ තිරිසන් ගත වවුලෝ පවා මේ සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරන තෙර කෙනෙකුගේ ශබ්ද මාත්‍රය පමණක් අසා ඒ හේතුවෙන් (මිනිස් ලොව ඉපිද) මහසිරි සැපත් විද (ඉන් පසු) රහත්ව නිවන් පුරයට ද පිවිසියාහු ය. තොප වැන්නෝ මේ සති පට්ඨාන සූත්‍රය භාවනාකොට නිවන් පුර පැමිනෙත් ය යනු කියනු කිම ? යනු එහි භාවයි)

තවද මෙම ලංකාද්වීපයෙහි වූ තලගුරු වෙහෙර වැසි ධම්ම දින්න මහතෙරුන් වහන්සේ මහාරබ්භක නම් ගල්ලෙනක වසන සේක. එකල ඊට නුදුරු වූ තුඹසෙක වසන එක් ගැරැඬියෙක් ගොදුරු ගන්නා අවදියෙහි ඇස් දෙක නැති වු හෙයින් වේදනා ඉවසිය නොහී තුඹසින් පිට දරණ ලා ගෙන ගොදුරු නොලැබ සුස්ම සුස්මා වැද හොත්තේ ය. එකල් හි ධම්ම දින්න මහ තෙරුන් වහන්සේ එසේ අනාථ වු ඒ ගැරැඬියා කෙරෙහි මහත් වූ කරුණා උපදවා ඔහුට ඇසෙන සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් බණ වදාළසේක.

අන්ධ වූ ගැරැඬියා ඒ ධර්ම ශබ්දය අසමින් සිටි කල්හි එක් ගොයෙකු විසින් මරණ ලදුව එකෙනෙහි ම ඒ ධර්ම ශබ්ද ශ්‍රවනමය කුශලානු භාවයෙන් නිඞශ්‍රින වූ ඒ ගැරඬි අත් බව හැර සශ්‍රීක වූ මිනිසත් බව ලබනුයේ අනුරාධපුර නුවර දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අමාත්‍යයන් හට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ තිෂ්‍යාමාත්‍යය යන නමින් ප්‍රසිද්ධව සියලු සම්පතීන් සමෘධිව බොහෝ පින්කම් කොට ආයු කෙළවර තුසිත දෙව්ලොව ඉපිද (අද දක්වාත්) අනොපමෙය වූ මහත් දව ඉසුරු විදින්නේ ය.

තවද තෛ‍්‍රලොකෛක ශරණ වූ අප බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල උන් වහන්සේගෙන් බණ අසා ශ්‍ර¼ඞාදී ගුණ ධර්මයෙහි පිහිටා එම නුවර වාසය කරන දෙලක්ෂ පනස්දාස් පන්සියයක් පමණ උපාසකවරු අතුරෙන් එක් පන්සියයකට ප්‍රධාන එක් උපාසයකු බැගින් පන්සියයක් පමණ ධාර්මික නම් උපාසකවරු ඇත්තාහූ ය. ඒ හැම උපාසක පිරිසට පධාන වු ධර්මික නම් එක් ප්‍රධාන උපාසකයෙක් වූයේ ය. ඕහට පුතුන් සත් දෙනෙකු, දූන් සත් දෙනෙකු ඒ දූ පුතුන් තුදුස් දෙනය. උපාසකයාය, භාර්යාවය යන මේ සොළොස්දෙනම සීලවන්ත කළණ ගුණ ඇතිව උපාසක ධර්මයෙහි පිහිටා දන් දීමෙහි ඇලුම් ඇතිව ඔවු නොවුන් නමින් පවත්වන ලහබත් පොහෝ බත් ආදී නොයෙක් දාන වෘත්ති ඇතිව මනස්නා හ. ඉක්බිති මෑත භාගයෙක් හි ඒ ප්‍රධාන උපාසකයන්ට රෝගයක් උපන. ආයුසංස්කාරය ද පිරිහිණ.

එසේ තද ගිලන්කමට පැමිණි ඒ උපාසක තෙම බණ අසනු කැමැතිව භික්ෂූන් වහන්සේලා අට නමක් හෝ සොළොස් නමක් හෝ ඒවා වදාළ මැනවයි කියා ශාස්තෘ වූ බුදු රජාණන් වහන්සේ සමීපයට දූතයෙකු යැවූ යේ ය. එකල් හි බුදුහු භික්ෂූන් අට නමක් එවූ සේක. උන් වහන්සේලා ගොස් ඒ උපාසකයා ගිලන් කමෙන් වැදහොත් ඇඳ වටා පණවන ලද අසුන්වල වැඩහුන් සේක් ලා ය. එවිට ඒ උපාසක තෙම දනන් වනුයේ ස්වාමීන් වහන්ස ! මින් මතු ආර්යයන් වහන්සේලාගේ දැක්ම දුර්ලභ වන්නේ ය. දැන් මම ඉතා දුර්වලයෙමි.

එහෙයින් මට (ඇසෙනසේ) එක් සූත්‍රයක් වදාළ මැනවයි දැන්වීයහ. ඒ ඇසූ උන් වහන්සේලා උපාසක ය ! කවර සූත්‍රයෙක් අසනු කැමැත්තෙහි දැයි විචාරන ලදුව සියලු බුදුවරයන් විසින් සෙවනය කරන ලද අනන්තා පරිමාණ බුද්ධ ගෝචර වූ “සතිපට්ඨාන සූත්‍රය” අසනු කැමැත්තෙමි’යි උපාසකයා විසින් දැන් වූ කල් හි “ඒකායනො අයං භික්ඛවේ මගේගා සන්තානං විසුද්ධියා” යනාදී (ධර්ම සංගායනාවට පළමුවෙන් වූ “එවං මේ සුතං” යන ආදී ශ්‍රාවක භාෂිතය හැර බුද්ධභාෂිතය පමණක් වූ) මේ “සතිපට්ඨාන” සූත්‍ර දේශනාව ගණ සජ්ඣායනාවට පටන් ගත්හ. එකෙනෙහි ම සියලු රථාලංකාරයෙන් අලංකෘත වූ දහසක් අශ්වයන් යොදන ලද එක්සිය පණස් යොදුන් පමණ වූ රථ සයක් සදෙව් ලොවින් අවුත් බණ අසමින් හොත් උපාසකයාට පෙනි පෙනී අහස සිටගත.

ඒ රථයන්හි සිටි දේවතාවෝ කියන්නාහු එම්බා ! උපාසකය ! අපි අපගේ දෙව්ලොවට තොප ගෙනයම් හයි කියා ආම හ, තෙල මනුෂ්‍යාත්මය හැර මේ දිව්‍ය ශරීරය ලැබීම නම් මැටි වළඳක් බිඳ දමා රන් වළඳක් ගැනීම වැන්න, එහෙයින් නුවනැත්ත ! අපගේ දෙව්ලොව සම්පත් ඉතා රමණීයහ එහි අභිරමනය කිරීමට යන පිණිස හයසියයක් ගවු පමණ වූ මෙම රථයෙහි ඉපිද ගනුවයි වෙන වෙනම යාඥා කළා හු ය.

උපාසක තෙමේ ඒ අසා මේ කතා පැවැත්වීම මාගේ බණ ඇසීමට අන්තරාය යයි සිතා ඊට නො කැමැතිව දේවතාවන්ගේ ඒ කතාව නවත්වනු පිණිස මඳක් කල් බලා සිටිය මැනව (හෙවත් නවතුව ! නවතුව !) යි කීයේ ය. ඒ ඇසූ භික්ෂූන් වහන්සේලා මේ උපාසක තෙම බණ ඇසිම නොකැමැතිව අප නවත්වන්නේ යයි සිතා දේශනාව තබා තුෂ්ණිම්භූත වූවා හූ ය එකල් හි ඒ උපාසකයාගේ දූ දරුවෝ අපගේ පියාණෝ පෙර බණ ඇසීමෙන් තෘප්තියකට නොපැමිණියා හ.

දැන් වනාහි භික්ෂුන් කැඳවා ආරාධනා කොට බණ දෙසනකල ඒ නොකැමතිව තුමූම වළකන්නෝ ය ; අහෝ ! මරණයට නොබාන සත්ත්වයෙක් නම් නැතැයි සිතා හඬන්නට වන්හ, එකල් හි භික්ෂූන් වහන්සේලා දැන් බණ කීමට අවකාශ නැතැයි සිතා විහාරයට වැඩි සේක්ලා උපාසක තෙමේ මඳක් කල්යවා සිහිලැබ දරුවෙනි ! තෙපි කුමට හඬව්දැයි විචාලේ ය. ඒ අසා පියාණන් වහන්ස ! නුඹ භික්ෂුන් වහන්සේලා කැඳවා බණ අසමින් සිට තෙමේ ම බණ නැවැත්වුයෙහි ය, එහෙයින් මරණයට නොබාන සත්ත්වයෙක් නම් නැතැයි කියා හැඬුම් හයි කීවාහු ය. එවිට දරු වෙනි ! මා ස්වාමී වූ භික්ෂූන් වහන්සේලා දැන් කොහිදැයි විචාළ කල පියාණෙනි ! බණ කීමට අවකාශ නැති හෙයින් නික්ම විහාරයට වැඩි සේක්ලා යයි දැන්වූහ.

දරුවෙනි ! මා ස්වාමී වූ භික්ෂූන් වහන්සේලා එක්ව කතා කෙළෙමි නොවෙම්. සදෙව් ලොවින් දෙවියෝ දිව්‍ය රථ සයක් අලංකෘත කොට ගෙනවුත් අහස සිට ඔවුනොවුන්ගේ දිව්‍ය ලෝකවල සම්පත් වර්ණනාකොට මා කැඳවන්නා හූය. ඔවුන් හා සමඟ කථා කෙලෙමියි දැන්වීය. එවිට පියාණනි ! ඒ රථ කොහිදැයි අපි නොදනුම්හයි කීහ. උපාසක තෙමේ ද අනික් උපායකින් දිව්‍ය රථ දක්වන්නට නොහැකි බැවින් දරුවෙනී ! මා (අතපාරවා පූජාකරන) පිණිස ගෙතු මල්දම් ඇද් ද ? කවර දෙව් ලොවක් රමණිය දැයි විතාරා පියාණෙනි ! මල්දමුන් ඇත සියලුම බෝධි සත්ත්වවරයන් හා බුද්ධ මාතා පීතෘ ආදීන්ට වාසස්ථාන වූ තුසීපුර දෙව්ලොව රමණීයයයි දැන් වූ කල් හි තුසීත භවනයෙන් ගෙනා රථයෙහි එල්බ සිටීවයි කියා මල් දමක් අහසට දමවයි කීහ.

එසේ දැමූ කල ඒ මල්දම රථ හිස එල් වී අහස කෙලිමින් සිටියේ ය. මිනිස්සු ඒ ආශ්චර්යය දැක විශ්මය පත් වූහ. එකල්හි උපාසක තෙමේ කියනුයේ දරුවනි ! මම තුෂීත භවනයට යෙමි. එහෙයින් තොපි ශෝක නොකරව්. මා සමීපයෙහි උපදිනු කැමැත්තහු වී නම් මාකළ පරිද්දෙන් ම පින්කම් කරව්යයි අවවාද කියා එකෙණෙහි ම කාල ක්‍රියා කොට තුෂිත භවනයෙන් ගෙනවුත් තිබූ රථයෙහි උපන. විගස සැටගැලක් පුරාලන දිව්‍යාභරණයෙන් අලංකෘත වූ තුන්ගවු පමණ දිව්‍ය ශරීරයක් මැවින. දහස් දිව්‍යාංගනාවන් විසින් පිරි වරන ලද්දේ විය. පස් විසි යොදුන් පමණ වු දිව්‍යමය රත්න විමානයක් පහළ වූයේ ය.

මෙසේ යට දක්වන ලද මරණාසන්නව සිටි තිරිසන් සතුන්ට හා මිනිසුන්ට ද මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසීමෙන් මරණින් මතු දෙව් මිනිස් සුව විඳගත හැකිවිය. එහෙයින් නුවණැති සියල්ල වුන් විසින් තම තමා ශක්ති පමණින් භාවිතාකොට මරණාසන්න කාලයෙහි දූ බණ කියවා අසා අප්‍රමාණ වැඩ සාදාගත යුතු වූ උතුම් ධර්මදේශනාව නම් මේ සතිපට්ඨාන සූත්‍රාන්න ධර්මදේශනාව මැයි.

තවද ලෝක ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්ත්වලෝකය අණාවරණය වු බුද්ධ ඥානයෙන් බලා වදාරා රාග චරිතාදී නොයෙක් චරිත හෙද ඇති ලෝක සත්ත්වයන්හට වැඩ පිණිස මහා කරුණා ඥානයෙන් දසසතර තැනක අමෘත මහා නිර්වාණ නැමැති කොත් පළඳවා දේශනා කරන ලද ආනාපානාසති කාණ්ඩය ආදී තුදුසක් පමණ කාණ්ඩයන්ගෙන් උප ලක්ෂිත වු ද කායගතාසති සූත්‍රාදියෙහි “අමතං නෙ භික්ඛවෙ පරිභූඤ්ජන්ති යො කාය ගතා සති පරිභුඤ්ජන්ති” යනාදීන් මහණෙනි ! යමෙක් තුමුකාය සම්මත වූ ශරීරයාගේ ස්වභාවය සිහි කිරීම් නැමැති කාය ගතා සමෘත්යි වඩන්නාහු ද ඔහු තුමු අමෘතය වළදන්නාහු යයි බුදුන් විසින් ම වර්ණනාකොට වදාරණ ලද්දා වූ ද මාංස චක්ෂුසට විෂය වු ද තුදුස් වැදෑරුම් කායානු පස්සනා සතිපට්ඨානය ද ඊට ඉක්බිතිව (සියලු ලෝකයා විසින් සිවදුක් ආදී වශයෙන් විඳින හෙයින්) වේදනා නම් ලද පඤ්චස්කන්ධයෙහි ඇතුළත් එක්තරා ස්කන්ධයක් වූ ද නුවණැසට ම විෂය වූ එක්තැනෙක නිවන් නැමැති කොත් පළඳවා වදාරණ ලද්දා වූ ද එක් තැනෙක නිවන් නැමැති කොන් ඵළඳවා වදාරණ ලද්දා වූ ද ශුද්ධ අරූප වූ නව වැදෑරුම් වේදනානු පස්සනා සතිපට්ඨාන යද,

ඊට ඉක්බිති රූපාදීන් විෂයකොට පවත්නා ලොභාදිය සමඟ පැවතීමේ වශයෙන් නොයෙක් ප්‍රභේද ඇති ශුද්ධ අරූප දේශනා නම් ලද නුවණැසට විෂය වූ එක් තැනෙක නිවන් නැමැති කොත් පළඳවා වදාරණ ලද චිත්තානු පස්සනා සති පට්ඨානය ද.

ඊට ඉක්බිති රූපාරූප ධර්මයන්ගේ ප්‍රකාශ වීම් ඇති කාම ච්ඡන්දාදී ඒකාන්ත පාපධර්ම සංඛ්‍යාත පඤ්චනීවරණ නිර්දේශය, සියලු සත්ත්වයන් පිළිබඳ ස්වභාව ධර්ම සංඛ්‍යාත රූප ස්කන්ධාදි පඤ්චස්කන්ධ නිර්දේශය, එසේම චක්ෂු රූපාදි වාදසායතන නිර්දේශය, සියලු සත්ත්වයන්ට නිවන් සිසුකොට දෙන සමෘති සමෙබෟධ්‍යාඞගාදි එකාන්ත කුශල ධර්ම සංඛ්‍යාත සපයන බෞද්ධ්‍යාන්ග නිර්දේශය, සියලු ධර්මදේශනාවන්ට මුදුන් මලක් බදු වූ සක්විති රජ්ජුරුවන්ට නියම චක්‍රරත්නය සේ සියලු බුදුවරයන්ට ආවේණික ධර්මචක්‍ර දේශනාව සංඛ්‍යාත දුඞඛාදි චතුස්සත්‍යය නිර්දේශය, යන මේ පඤ්ච නිර්දේශයන් පස් තැනෙක්හි නිවන් නැමැති කොත් පළඳවා වදාරණ ලද පස් වැදෑරුම් වූ ධර්මානු පස්සනා සති පට්ඨානයයි මෙසේ එක් විසි තැනෙක්හි නිවන් නැමැති කොත් පැළඳවීමෙන් අලංකෘතකොට සිව්වණක් පිරිසට මහත් වූ වැඩ පිණිස සකල සත්ත්ව හිත විධායක ජගදෙක ශරණ වූ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව බඳු අන්කිසි ධර්මයක් පිටකත්‍රයෙහි නැත්තේ ය.

එසේ ම ඒ සද්ධර්මරාජයන් වහන්සේ විසිනු දු සියලු සත්ත්වයන් නිවන්පුර පමුණුවා ලීමට මේ සතිපට්ඨාන භාවනා මාර්ගය හැර අමුතු මාර්ගයක් නැති හෙයින් මීට එකායන මාර්ගයයි කියා මේ සූත්‍රාරම්භයෙහිම දේශනා කොට වදාරණ ලද්දේ ය. බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ අග්‍රශ්‍රාවකාදී සියලුම ආර්යයෝ මේ සතිපට්ඨාන භාවනා මාර්ගයෙන් ම ගොස් අමා මහ නිවන් පුර වැද සැනහී ගියාහූය.

එහෙයින් පින්වත්නි ! තමහට වැඩ කැමැති ලොව ඇම නුවණැතියෙනි ! මේ කියන්න ඉඳුරා ඇසුව මැනව.

මෙසේ හැම සතුන් වෙත පතළ මහා කරුණා ඇති බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්ත්වයන්ගේ සිත්හි පිහිටුවා පැවැත්වීමට සුදුසු වූ ප්‍රධාන ස්ථානය කොට දේශනාකර වදාළ ඒකායන මාර්ග නම් ලද මෙම සතිපට්ඨාන සූත්‍රය මෙසේ වූ නොයෙක් ආශ්චර්යය අචින්න්‍යානොපමේය වූ ගුණානුභාව ඇති බව හා සියලු වැඩ සාධක බවද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි ඇතුළත් බව හා එම ධර්මානුචිත්ත ඇත්තහුගේ සිත්හි උපදනා ලෝභාදී පාපමල විධවංශනය වීමෙන් අන්ධ පෘථග්ජන භාවයෙන් දුරුව කල්‍යාණ පෘථග්ජන ගුණයෙහි පිහිටා සිද්ධවන විශේෂාධිගමාදී නොයෙක් කාරණා පාලි අර්ථව කථා වූ පරිද්දෙන් අසා බලා දැන එහි ආදර උපදවා ශ්‍රවන ධාරණාදී වශයෙන් පිළි පදිනා ලොව සියලු නුවනැත්තන් විසින් ඝොරතර සංඝාරාපගමනයෙන් නිවන් පුර වැද සැනසෙනු පිණිස තම තමන් නුවණ පමණින් එම පාලි අනර්ථ කතා සහිතව විස්තර දේශනාවට පැමිණි සියලුම සූත්‍රය හෝ උදේදශචාර වශයෙන් සෙසු සංක්‍ෂේප දේශනාව හෝ එම සතර සතිපට්ඨානයන් අතුරෙන් එක් සතිපට්ඨානයක් හෝ ආනාපානසති කාණ්ඩාදී වශයෙන් වෙන් වෙන්ව නිවන්මඟ පාදා වදාළ හෙයින් එක් විසි සන්ධියක් ඇති ඒ සියලු දේශනාවෙන් එක් කාණ්ඩයක් හෝ කීර්ති ප්‍රසංසාදියෙන් දුරුව නිස්සරණාධ්‍යාශයෙන් යෙදි තම තමා සිත ධරාගෙණ අඛණ්ඩව සතනයෙන් භාවිතා කිරීමෙන් හා අනුන්ට ද උගන්වා ලීමෙන් ආත්මාර්ථ පරාර්ථ සංසිද්ධියෙහි ම උත්සාහ කටයුතු.

වැලිපැන්නේ
ශ්‍රී උපතිස්ස නාහිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා