එජාපය ජවිපෙ අතහැර සන්ධානයට එක්වෙති

එජාපය ජවිපෙ අතහැර සන්ධානයට එක්වෙති

තංගල්ල නගර සභාවට මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන මරක්කලමානගේ නුවන් කුමාර හා ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන නිහිලුව ගල්ඇටඹගේ සුමුදු ගයාන් යන අපේක්ෂකයින් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පසුගියදා එක් විය.

තංගල්ල නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක අනිල් සෙල්ලාහැන්නදි මහතාගේ නිවසේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමට පැමිණි ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා හමුවී අපේක්ෂක මහතුන් දෙදෙනා තමන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකත්වයෙන් ඉවත් වී සන්ධානයට එක්වී සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා