හාල් මැස්සන්ගේ ඇගේ එල්ලීගෙන එජාපය-ජවිපේ කට මැත දොඩවනවා

හාල් මැස්සන්ගේ ඇගේ එල්ලීගෙන එජාපය-ජවිපේ කට මැත දොඩවනවා

- මන්ත්‍රී නාමල් රාජපක්ෂ

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනය කෙළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. එම නිසා ජනතාව එතුමා සමඟ එකතු වී ඉදිරියට ගියා. ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් කියනවා පවතින රජයට රිදෙන්න පාඩමක් උගන්වන්න ඕනෑලු. එම අයට අතීතයේ දී ජනතාවට උගන්වපු පාඩම් තවමත් අමතක වෙලා නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ ගැටමාන්නේ පැවැති රැස්වීමකදී එසේ පැවැසීය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරාපේක්ෂක ගාමිණී සිරිතුංග මහතාට ආධාර පිණිස මෙම රැස්වීම පැවැත්විණි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

මේ එළැඹිලා තිබෙන්නෙ ප්‍රාදේශීය සභා මැතිවරණයක්. මේ මැතිවරණයෙන් රජයට රිදවූවාට රජය තවත් වසර ගණනකට වෙනස් කරන්න කාටවත් බැහැ. මෙම මැතිවරණයෙන් කළ යුත්තේ ජනතාවගේ ගම්මානවල අඩුපාඩු තේරුම්ගත් ඒවාට විසැඳුම් ලබාදිය හැකි ග්‍රාමීය නායකයන් ප්‍රාදේශීය සභාවට තෝරාපත් කිරීමයි. අද එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් හාල්මැස්සන්ගේ ඇගේ එල්ලීගෙන දොඩවන්නේ තමන්ගේ අතීතය ජනතාවට අමතක කරවන්නයි. හෙට අනිද්දා වෙන කොට ඒ ගොල්ලන්ට මහ ජනතාව ඉදිරියේ කියන්න දෙයක් නැහැ. ආපදා හා ජල කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර,  අපේක්ෂක ගාමිණී සිරිතුංග මහත්වරුද කතා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා