එජාපයේ දූෂිතයන් නැහැ: වංචාවට ඉඩ දෙන්නෙත් නෑ

එජාපයේ දූෂිතයන් නැහැ: වංචාවට ඉඩ දෙන්නෙත් නෑ

- සාගල රත්නායක

වත්මන් රජය සංවර්ධනයේ මුවාවෙන් කරන සොරකම්, වංචා, දූෂණ නිසා රට අගාධයටත්, ජනතාව ජීවත්වීමේ අසීරුවටත් මුහුණපා සිටිනවා යැයි දෙනියාය එජාප සංවිධායක සාගල රත්නායක මහතා අලපලාදෙණිය ඇල්ලගාව දී කීවේය. පිටබැද්දර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන චන්ද්‍රදාස ගමගේ (ඇල්ලෙමන්ත්‍රි) මහතාට සහාය ලබාදීම සඳහා පැවති ජනහමුවේදී ඒ මහතා එසේ පැවසීය.

ඉකුත් 21 වැනි දින ඇල්ලගාව දී මෙය පැවැත්විණි. හෙතෙම මෙසේ ද කීවේය. මේ ආණ්ඩුව කරගෙන යන්නේ ප්‍රෝඩාවක්. ජනතාව මුලාවෙලා. ඒත් දැන් ජනතාවටත් වැඩේ තේරිලා.  පසුගිය කාලෙ ආණ්ඩුව කිව්වෙ මොනවද? රටේ සංවර්ධනයට වැය කරන්න තිබෙන මුදල් කෝටි 80 ක් යුද්ධයට වැය වෙනවා. ඉතින් කොහොමද රට හදන්නෙ කිව්වා. දැන් යුද්ධයක් නැහැ. ඒකට වැය කළ මුදල් සියල්ලම ඉතිරියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා