උපන් බිමේ විරුවෝ

උපන් බිමේ විරුවෝ

අප මාතෘ භූමියේ අඛණ්ඩත්වය, නිදහස හා සුරක්ෂිතභාවය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූවෝ රණවිරුවෝය. ඔවුන්ගේ අපරිමිත කැපවීම නොවන්නට මෙරට ජීවත් වන සියලුම ජන වර්ගයන්ට අයත් ජනතාවට ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත් වන්නට ඇති අයිතිය නැති වන්නට ඉඩ තිබිණ.

කුමන්ත්‍රණකාරී විදේශ බලවේගවල හා බෙදුම්වාදී දේශීය බලවේගවල බලපෑම මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂික මෙහෙයුම ලබා දුන් අභීත නායකත්වය රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට හේතු විය.

මහජනයාද එම නායකත්වය අනුව යමින් රණවිරුවන් වටා පෙළ ගැසුණහ. මෙයට වසර දෙකකට පෙර මව්බිම ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් නිදහස් වූයේ එම සාමූහික උත්සාහය නිසාය.

රජය රණවිරුවන්ගේ සුබ සාධනය සඳහා පසුගිය කාලය තුළදී පියවර රැසක් ගනු ලැබුවේ ඔවුන්ගේ එම උදාර මෙහෙවර අගය කිරීම සඳහාය.

වෘත්තීය නිපුණත්වයෙන් හා ධෛර්යයෙන් ලෝකයේ වෙනත් කිසිදු හමුදාවකට නොදෙවෙනි ශ්‍රී ලාංකික හමුදාවන්ගේ විජයග්‍රහණය අපරාධ චෝදනා නඟමින් හෑල්ලු කිරීමට ජාත්‍යන්තරය උත්සාහ කරන මේ මොහොතේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා හා ඔවුන්ව අගයන්නට දෙවන විජයග්‍රහණයේ සැමරුම වෙන්ව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා