ප්‍රසන්නට රන් 1යි ලෝකඩ 2යි

ප්‍රසන්නට රන් 1යි ලෝකඩ 2යි

චීනයේදී නිමාවට පත් වූ ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී තරග අදියර තුනේදී මීටර 400 ඉසව්වෙන් ප්‍රසන්න සම්පත් අමරසේකර රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගත්තේය. උස පැනීමේ තරග ඉසව්වට එක් වූ මංජුල කුමාර පළමු අදියරේදී තරගයෙන් ඉවත් වූ අතර දෙවැනි හා තෙවැනි අදියරවලදී අටවැනි ස්ථානයට පත් විය.

දෙවැනි අදියරේදී මීටර් 2.10 ක් හා තෙවැනි අදියරේදී මීටර් 2.05 ක් මංජුල වාර්තා කළේය. ප්‍රසන්න සම්පත් අමරසේකර රන් පදක්කම තත්පර 46.95 කින්, ලෝකඩ පදක්කම් දෙක තත්පර 47.29 කින් හා තත්පර 47.03ක දක්‍ෂතාවකින් දිනා ගත්තේය. ඔහු කළකට පසුව ක්‍රීඩා පිටියට පිවිසීමෙන් මේ දක්‍ෂතා අතරට පැමිණීම විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා