කණ්ඩායම් අඩුවීම හේතුවෙන් ආධුනික බොක්සිං තරගාවලිය අවලංගුයි

කණ්ඩායම් අඩුවීම හේතුවෙන් ආධුනික බොක්සිං තරගාවලිය අවලංගුයි

ජාතික බොක්සිං ක්ෂේත්‍රයට නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් කෙරෙන ප්‍රධානතම තරගාවලිය වන කාන්තා හා පිරිමි ආධුනික බොක්සිං තරගාවලිය අවලංගු කිරීමට සිදුවූ බව බොක්සිං පරිපාලන කමිටු සභාපති රම්‍යනාත් රත්නායක මහතා ‘දිනමිණ’ ට පැවැසීය. අද (1) සිට 3 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගාවලිය සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම පසුගිය 25 වැනිදායින් අවසන් වූ අතර ඒ වන විට ලැබී තිබුණේ ඉල්ලුම්පත් 4ක් පමණක් බව රත්නායක මහතා සඳහන් කළේය.

මෙරට ප්‍රධානතම බොක්සිං ක්‍රීඩා සමාජ 31 ක් ස්ථාපිතව තිබුණ ද ආධුනික බොක්සිං තරගාවලියට අයැදුම් කර තිබුණේ යුද හමුදාව, යු හමුදා රතු පිල, නාවික හමුදාව හා නුගේගොඩ බොක්සිං ක්‍රීඩා සමාජය පමණක් බව රත්නායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම බොක්සිං තීරකවරුන්ගේ හා විනිසුරුවන්ගේ සංගමය විසින් බොක්සිං නිලවරණය පවත්වනතුරු තරගාවලිය සඳහා සම්බන්ධ නොවීමට ගෙන ඇති තීරණයත් ආධුනික බොක්සිං තරගාවලිය අවලංගු කිරීමට හේතු වූ බව ඒ මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා