ලලිත් ගුණවර්ධනගෙන් ‘මීටර් 100 දිවීම’ ග්‍රන්ථයක්

ලලිත් ගුණවර්ධනගෙන් ‘මීටර් 100 දිවීම’ ග්‍රන්ථයක්

දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ප්‍රයෝජනවත් වන ‘මීටර් 100 දිවීම’ නමින් ග්‍රන්ථයක් ක්‍රීඩා ගත්කරු ලලිත් ගුණවර්ධන මහතා පසුගියදා එළිදැක්වූවේය.

ක්‍රීඩා අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද මෙහෙවරට ජගත් ඔලිම්පික් කමිටුවෙන් ගෞරව සම්මානයක් හිමිවූ ලලිත් ගුණවර්ධන මහතාගේ ‘මීටර් 100 දිවීම’ ග්‍රන්ථයෙන් මේ ඉසව්ව සරල ලෙස ඉගැන්වේ.

ලෝ ප්‍රකට කෙටිදුර ධාවකයන්ගේ පුහුණු ක්‍රමද මේ ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත. ලොව මුල් පෙළේ පුහුණුකරුවන්ගේ ද අදහස් ඇතුළත් කොට ඇති මේ ග්‍රන්ථය මීටර් 100 දිවීම පිළිබඳ උපදේශන ග්‍රන්ථයක් ලෙස සැලකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා