පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව 77-42 කින් පරදී

ස්කොට්ලන්ත නෙට්බෝල් සංචාරය

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව 77-42 කින් පරදී

ලෝක සූරතා නෙට්බෝල් තරගාවලියට පෙර පුහුණුවක් ලෙස මේ දිනවල ස්කොට්ලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා පිල මුහුණ දුන් පළමු නෙට්බෝල් ටෙස්ට් තරගයෙන් ස්කොට්ලන්ත ජාතික පිල හමුවේ ලකුණු 77 – 42 ක පරාජයක් ලැබීය. ස්කොට්ලන්තයේ කීල්බ්‍රයිඩ් හි ඇලිස්ටේයිර් මැක්කොයිස්ට් ක්‍රීඩා ගම්මාන ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල පසුබෑමකට ලක්ව ඇත.

ස්කොට්ලන්තය සමග තරග කිරීමට පෙර ශ්‍රී ලංකාව ලෝක නෙට්බෝල් ශ්‍රේණිගත කිරීමේදී 15 වැනි ස්ථානයේ පසුවිය. එවිට ස්කොට්ලන්තය 16 වැනි ස්ථානයේ රැඳී සිටියේය. නෙට්බෝල් ටෙස්ට් තරග 3 කින් සමන්විත මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල කුමරිනි ද සිල්වාගේ නායකත්වයෙන් හා හයසින්ත් විජේසිංහ මහත්මියගේ පුහුණුව යටතේ සහභාගි වී සිටී.

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය මෙයට පෙර 1995 දී බර්මින්හැම් හී ලෝක නෙට්බෝල් තරගාවලියේදී අවසන් වරට හමුවූ අතර එහිදී ශ්‍රී ලංකාවට ලකුණු 49 – 45 ක ජයක් හිමිවිය. ඒ වන විට ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 15 වැනි ස්ථානයේත්, ස්කොට්ලන්තය 9 වැනි ස්ථානයේත් පසුවිය.  දීප්ති අල්විස්ගේ නායකත්වයෙන් හා ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකාව එම තරගයෙන් ජයගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා