ළහිරු තිරිමාන්න තුන්වැනි ටෙස්ට් තරගයට

ළහිරු තිරිමාන්න තුන්වැනි ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයට නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බැවින් එම තරගයට නවක පිතිකරු ළහිරු තිරිමාන්නට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ ප්‍රකාශ කළේ ය.

එය එසේ වුවහොත් හිටපු නායක කුමාර් සංගක්කාර මේ ටෙස්ට් තරගයේදී නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

එසෙක්ස් ප්‍රාන්ත පිල සමඟ පැවැති තුන්දින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් දෙදෙනකුට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලැබුණු බැව් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ ප්‍රකාශ කළේ ය.

තවමත් 21වන වියේ පසුවන ළහිරු තිරිමාන්න ඉතා හොඳින් පිතිහරඹයේ නිරත වූ බවත්, ඔහු දක්ෂ ලෙස පන්දුවට පහරදීම හොඳ සලකුණක් බවත් ලෝ පැවැසීය.

එමෙන්ම විශ්වාසනීය ලෙස පිතිහරඹයේ යෙදුණු කුමාර් සංගක්කාර ලකුණු 153 ක් ලබා ගැනීමට සමත්වීම සතුටට කරුණක් බවත් ලෝ සඳහන් කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා