ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරග 3කට එක්දින තරග 5කට සහ ඕවර විස්සයි 20 තරග 2 කට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

මේ තරගමාලාවේ ඕවර විස්සයි 20 තරග 2ම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

එමෙන්ම පළමු එක්දින තරගයත්, දෙවැනි ටෙස්ට් තරගයත් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

දෙවැනි හා තෙවැනි එක්දින තරග සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සිව්වැනි හා පස්වැනි එක්දින තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

ඕස්ටේ‍්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචරයේ එකම පුහුණු තරගය සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී තුන්දින තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන

අගෝස්තු 6 - පළමු විස්සයි 20 තරගය - පල්ලේකැලේ
8 - දෙවැනි විස්සයි 20 තරගය - පල්ලේකැලේ
10 - පළමු එක්දින තරගය - පල්ලේකැලේ
14 – දෙවැනි එක්දින තරගය - සූරියවැව
16 - තෙවැනි එක්දින තරගය - සූරියවැව
20 - සිව්වැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස පිටියේ
22 – පස්වැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස පිටියේ
25 - 27 - තුන්දින පුහුණු තරගය - සරවනමුත්තු පිටියේ
31 - පළමු ටෙස්ට් තරගය - ගාල්ලේ දී
සැප්තැම්බර් 8 - දෙවැනි ටෙස්ට් තරගය – පල්ලේකැලේ
16 - තෙවැනි ටෙස්ට් තරගය - එස්. එස්. සී. පිටියේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා