ලංගම ක්‍රීඩා සූරතාව ප්‍රධාන කාර්යාලයට

ලංගම ක්‍රීඩා සූරතාව ප්‍රධාන කාර්යාලයට

තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ඌව සුනිල් ජයන්ත (වමේ) සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව ප්‍රධාන කාර්යාලයේ වසුන්දරා පතිරගේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අතින් තිළිණ ලැබූ අයුරු. ඡායාරූපය අශෝක බණ්ඩාර හිඳගොඩ මාතලේ දිසා විශේෂ

ලංකා ශ්‍රී ලංගම ක්‍රීඩා උළෙලේදී ලකුණු 267 ක් හිමිකරගත් ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ක්‍රීඩා සූරතාවන් දිනා ගැනීමට සමත් වුහ.

සමස්ත ක්‍රීඩා අනු සුරතාවය ලකුණු 247 ක් ලැබූ කොළඹ ශ්‍රී ලංගම ප්‍රාදේශිකයටද තෙවැනි ස්ථානය ලකුණු 156 ක් ලැබූ ගම්පහ ශ්‍රී ලංගම ප්‍රාදේශිකයටද හිමි විය.

මෙම තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ඌව ශ්‍රී ලංගම ප්‍රාදේශිකයේ සුනිල් ජයන්ත සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ වසුන්දරා පතිරගේ සම්මාන ලැබුහ.

ශ්‍රී ලංගම සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සහ සමාප්ති උළෙල පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිවයින පුරා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයද ඇතුළු ප්‍රාදේශික 13 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාප්ති උළෙල සහ ජය සංකේත ප්‍රදානය ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. සමාප්ති උළෙලේ විශේෂ අමුත්තා ලෙස නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගි විය.

මේ අවස්ථාවට මාතලේ පුරපති හිල්මි මොහොමඩ් කරිම්, ශ්‍රී ලංගම ක්‍රීඩා පාලක සභාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් අබේසිරි සහ ලේකම් එන්. ජී. විමලදාස යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා