මාවනැල්ලෙන් ඩෙංගු මඩින්න වැඩසටහන් රැසක්

මාවනැල්ලෙන් ඩෙංගු මඩින්න වැඩසටහන් රැසක්

මාවනැල්ල ප්‍රාදේ්ශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරගෙන යන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති.

එම වැඩසටහන සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දේ. අනොමදස්සි හිමියෝ ද මාවනැල්ල පොලිස් ස්ථානාධිපති මුතුබණ්ඩාර ඒකනායක මහතා ද සහයෝගයක් ලබා දෙති.

අළුත්නුවර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ රුකුලගම මැදගොඩ උයන්වත්ත ගම්මානයන්හි මේ ඩෙංගු මර්දන වැඩසටහන දියත්කැර ඇති අතර, ඉදිරි දිනවලදී සියලු ගම්මානයන් වෙතට මේ වැඩසටහන ගෙන යෑමට නියමිතය.

මාවනැල්ල බස් නැවතුම්පොළ අසල ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන නැරඹීමට පාසල් දරුවන් ගම්බද ජනතාව හා වෙනත් පිරිස් දහස් ගණනක් දෙනා මාවනැල්ල ප්‍රධාන බස් නැවතුම්පොළට රැස්ව සිටියහ. මේ වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාලය, මාවනැල්ල පොලිසිය හා තවත් ජන සංවිධාන කිහිපයක් සංවිධානය කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා