දැදිගම නෙළුන්දෙනිය පවුල් 25කට පානීය ජලය සහ මාර්ග පහසුකම්

දැදිගම නෙළුන්දෙනිය පවුල් 25කට පානීය ජලය සහ මාර්ග පහසුකම්

දැදිගම මැතිවරණ බල ප්‍රදේශයේ නෙළුන්දෙණිය ඉහළගම පවුල් රැසකට ජල පහසුකම් නෑ යන සිරස්තලය යටතේ දිනමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය අනුව පවුල් 25 ට ජල පහසුකම් ලබාදීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවී ඒ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

එයට අමතරව එම ප්‍රවෘත්තියෙහි සදහන්ව තිබූ පරිදි එම පවුල් විසි පහක ජනතාවට ගමනා ගමනය සඳහා අතිදුෂ්කර පටු අඩිපාර, වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදයකුමාර සේනාධීර මහතා සිය ප්‍රතිපාදන මුදල් රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වැයකොට සංවර්ධනය කිරීමෙන් පසුව ගම්වාසීන්ට පවරාදීම පසුගියදා සිදු කැරිණි.

එම අවස්ථාවට සහභාගි වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදයකුමාර සේනාධීර මහතා පාර ගම්වැසියන්ට පවරා දීමෙන් පසුව පැවති ජනහමුවේ දී නෙපන්දෙණිය ඉහළගම ශ්‍රී සීලරතන විද්‍යාලයට අනුබද්ධිතව පවත්වාගෙන යන සණස මිණිමුතු පෙර පාසලට රුපියල් 25000 ක මුදල් ආධාරයක් සහ පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ ලබාදිම ද, එම ගමේ මෙතෙක් සනීපාරක්ෂක පහසුකම් නොතිබූ පවුල් හතකට සනීපාරක්ෂක උපකරණ බෙදා දීමද සිදු කළේ ය. මේ සත්කාරයන් සඳහා මිණිමුතු සණස පෙර පාසලේ ප්‍රධාන පාලිකා ඩබ්ලිව්. ජී. අශිතා නිශාන්ති, සහාය පාලිකා ඒ. ආර්. සුරම්‍යා සුභාෂිණී ගුණසිංහ මහත්මීහුද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා