ජල නළ එලන්න කැඩූ පාරවල් නැවත හදා නෑ

ජල නළ එලන්න කැඩූ පාරවල් නැවත හදා නෑ

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග ගණනාවක් ජල නළ එළීම සඳහා කඩා දමා ඇතත් එම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු නොකිරීමෙන් මෙම මාර්ග අවට පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මහනුවර දකුණ ජල යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී උඩුනුවර හා යටිනුවර ගඟපළාත ආවරණය වන අන්දමින් මෙම ජල යෝජනාව ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ අනුව පිළිමතලාව දවුලගල අවට අතුරු මාර්ගද කඩුගන්නාව කුරුකුත්තල ඉල්ලගොල්ල මාර්ගද වෙලම්බඩ ඇතුළමාර්ග ගණනාවක් මෙසේ කඩා දමා ඇති අතර ඇතැම් මාර්ගවල මේ වන තෙක් ජල නළ එලා නොමැති බවත් පෙන්වා දෙති.

ජල නල එළා ජල සැපයුම්කර ඇති මාර්ග මේ වන තෙක් පිළිසකර කිරීමට කටයුතු කර නොමැති වීමෙන් මෙම දුෂ්කරතාවන් හටගෙන තිබේ.

මේ මාර්ග කැඩීමට පෙර අදාළ පිළිසකර කිරීම්වලට ඒ සඳහා වැය වන මුදල් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති බවත් මේ පිළිබඳව කරුණු දන්වමින් මහනුවර ගැටඹේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා