මන්ද බුද්ධික පුතා පොරොවෙන් ගසා අම්මා මරා දාලා

මන්ද බුද්ධික පුතා පොරොවෙන් ගසා අම්මා මරා දාලා

මන්ද බුද්ධික සිය පුතා විසින් එල්ල කරන ලද පොරෝ ප්‍රහාරයකින් මැල්සිරිපුර උඩකැන්දවල පදිංචි 63 හැවිරිදි සිව්දරු මවක් මියගොස් තිබේ. මේ පිළිබඳ සැකපිට ඩබ්.ඩී.ගුණසේන (35) නමැති තරුණයෙක් අපරාධයට යොදාගත් පොරොවත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි කුරුණෑගල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ ( 6) පැවැත්වීය.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේ ය. සිද්ධිය වූ දින අපරභාගයේ සැකකරුගේ මන්ද මානසික තත්ත්වය උග්‍රවී සිය නිවෙසේ දී ඔහුගේ මවට මේ අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි. ගොකරැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපති පො.ප.රංජිත් විතාරණ මහතාගේ මෙහෙයවීම මත පො.සැ. සරත්, තිලකරත්න පො.කො.නිමල් ජයසූරිය, චන්ද්‍රරත්න නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා