යුවළකට තුවාල සිදුකළ රියැදුරා රක්ෂිතයට

යුවළකට තුවාල සිදුකළ රියැදුරා රක්ෂිතයට

මිහින්තලය පොලිස් වසමේ මහකනදරාව වම් ඉවුර ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර යුවලකට බරපතල තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු මේ මස (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.

ඊට අමතරව සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  රක්ෂිත බන්ධනාගරගත කෙරුණේ අංක 187 යාය දෙක, වම් ඉවුර මහකනදරාව පදිංචි රත්නායක මුදියන්සේලාගේ චන්දන නිශාන්ත යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ මිහින්තලය පොලිසියේ රථවාහන අංශය අධිකරණයට කියා සිටියේ රියදුරා අධික ලෙස බීමත්ව, අධික වේගයෙන් මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකු ගැන සැලකිල්ලට නොගෙන ලොරි රථය ධාවනය කර ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා