අධිචෝදනා ලැබූ විත්තිකරුවෝ ජනවාරි 23තෙක් රිමාන්ඩ්

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතන සිද්ධිය:

අධිචෝදනා ලැබූ විත්තිකරුවෝ ජනවාරි 23තෙක් රිමාන්ඩ්

උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනා ලබන වසරේ ජනවාරි (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස උතුරු මැද පළාත් බඳ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය ඊයේ (06) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොහොමඩ් උමාර් හක්තාබ් හා අබ්දුල් කුද්දුස් යන සැකකරුවන්ය. 2008 ඔක්තෝම්බර් මස 06 වන දින අනුරාධපුර පැරණි නගරයේ සමූපකාර මාවතේ විපක්ෂ නායක කර්යාලය විවෘත කළ අවස්ථාවට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ ස්වයං ඝාතකයකු එල්ල කළ අධිබලැති බෝම්බ ප්‍රහාරයෙන් විපක්ෂ නායකවරයා ඇතුළු 29 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර අනූවකට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අට දෙනෙකු මීට පෙර නීතිපති උපදෙස්මත මුදාහැරුණු අතර සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනා වසර දෙකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත භාරයේ පසුවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා