සැකකාර පස් දෙනාම රිමාන්ඩ්

ඩයගම පොලීසියට පහර දීමේ සිද්ධිය

සැකකාර පස් දෙනාම රිමාන්ඩ්

නුවරඑළිය ඩයගම පොලිස් ස්ථානයට ඉකුත් ජූලි මසදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවන් පස් දෙනා මේ මස 08 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු සමන් ඩී. කාරියවසම් මහතා නියෝග කළේ ය.

ඉකුත් ජුලි මස 24 දා ඩයගම පොලිසියට ප්‍රහාරය එල්ලවී තිබිණි. එහිදී පොලිසියේ දේපළවලට හා ජීප් රථ දෙකකට හානි වී තිබුණු බව පොලිසිය පවසයි. සැකකරුවන් අතර නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්, ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙක් හා ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙක් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඩයගම සන්දිරිගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් මීට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන තිබී ඇත. එම රියදුරාගේ ප්‍රශ්නයක් මුල්කර ගනිමින් පොලිසියට ප්‍රහාරය එල්ල කර තිබෙන බවට පොලිසිය කළ මූලික පරීක්ෂණ මගින් හෙළිව ඇත. නුවරඑළිය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා