සංගක්කාර මුල් තැනට

සංගක්කාර මුල් තැනට

පාකිස්තානය සමග එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පැවැති ටෙස්ට් තරගමාලාවේදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත් විය.

මේ වසරේ දීර්ඝ කාලයක් පුරා අයි. සී. සී. ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවූ දකුණු අප්‍රිකාවේ ජැක් කාලිස් මේ අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගමාලාවේදී ලකුණු 516 ක් රැස් කිරීමට සංගක්කාර සමත්විය. ඊට ද්විත්ව ශතකයක් සහ ශතකයක් ද ඇතුළත් විය.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවූ සංගක්කාර අභිභවා යාමට කාලිස් සමත් වී තිබිණි.

මේ අතර ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් සමත්ව සිටියි. පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරට පැමිණීමට ඔස්ටේ‍්‍රලියාවේ ශේන් වොට්සන් සමත්වීම මෙවර ශ්‍රේණිගත කිරීම්වල විශේෂ සිදුවීමක් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා