අන්ධ විදුහලට ක්‍රිකට් ජයක්

අන්ධ විදුහලට ක්‍රිකට් ජයක්

චාමර මධුශංකර්ගේ විශිෂ්ට ශතකයත්, ප්‍රේමකුමාරගේ හා නුවන් වසන්තගේ අර්ධ ශතකයත් හේතුවෙන් කඩුලු 4 කට ලකුණු 371 ක් රැස්කළ රත්මලාන අන්ධ විදුහල් ‘බී’ කණ්ඩායම සීදූව වී. ඕ. සී. පුහුණු මධ්‍යස්ථාන කණ්ඩායමට එරෙහිව ලකුණු 349 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සමත් විය. සීදූව කණ්ඩායම රැස්කරනු ලැබුවේ කඩුලු 7 කට ලකුණු 22 ක් පමණි.

දෘෂ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “ඩිල්මා” අභියෝගතා කුසලාන තරගාවලිය යටතේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි පිටියේ පසුගියදා මේ තරග පැවැත්විණි. චාමර මධුශංකර් නොදැවී රැස්කළ ලකුණු 108 ට හතරේ පහර 14 ක් ඇතුළත් වූ අතර, ප්‍රේමකුමාර ලැබූ ලකුණු 68 ට හතරේ පහර 5 ක් අඩංගු විය. නුවන් වසන්ත හතරේ පහර 4 ක් සමඟ ලකුණු 66 ක් රැස් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා