මිනිසුන් මුලා කළ කපුවා කපෝති

මිනිසුන් මුලා කළ කපුවා කපෝති

මහනුවර ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ සත්‍ය සිද්ධියකි මේ’

එක් ප්‍රසිද්ධ දේවාලයක කපු මහතකු සිය දේවාලයට පැමිණෙන බැතිමතුන් පුදුමයට පත් කරමින් බැතිමතා පැමිණි ගම ඔහුගේ නම පැමිණි කාරණය වාහනයක පැමිණියා නම් වාහනයේ අංකය පවා කීමට සමත්කම් දැක්වීය.

මේ අතර දේවාලය අසලත් මහනුවර වෙළෙඳ සල් බස් නැවතුම් වල විවිධ ස්ථානවල මෙම දේවාලයේ ගුණ කීමට කණ්ඩායම් (තැරව්කරුවන්) යොදවා තිබෙන බැව් දැන ගැනීමට හැකි විය.

මෙහි සත්‍ය අසත්‍යය හෙළි කර ගැනීම පිණිස එක්තරා මාධ්‍යවේදියකු බැතිමතෙකුගේ වේසය ගෙන දේවාලයට ගොස් පඬුරු ඔප්පු කොට එකත්පස්ව සිටියේය.

මද වෙලාවකට පසු දේවාලයට පැමිණ සිටි බැතිමත් තරුණයකු අප මාධ්‍යවේදියා අසලට ළං විය.

අංකල් වෙලාව කීයද මාධ්‍යවේදියා තරුණයාට සිය ඔරලෝසුවේ වේලාව පෙන්වීය.

අපිට හරි කරදර තිබුණ. මේ දේවාලයට තුන් පාරයි ආවේ. ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් කිරි උතුරන්න බිස්නස් අද බාරේ ඔප්පු කරන්න ආවේ යනුවෙන් මාධ්‍යවේදියා අමතා ස්වේච්ඡාවෙන්ම කියාගෙන ගියේය. මාධ්‍යවේදියාගේ සැකය හරිය. ටක්කෙටම මොහු තැරැව්කරුවකු විය යුතු යයි සිතන විටම තරුණයා යළිත් කථා කරමින් අංකල් කොහෙද මේ පළාතේ නෙවෙයිද යනුවෙන් ඇසීය.

නෑ පුතා මම මාතලේ.

ආ ඇත්තද ඇයි අංකල් මොකක්ද ප්‍රශ්නෙ. නැහැ පුතා මගේ වත්තේ බැඳල හිටිය එළදෙනව හොරෙන් දක්කල. දරුව වගේ හදපු සතා. මේ දේවාලේ ඒ වගේ දේවල් හොයල දෙනව කියල ආරංචි වුණු නිසයි ආවේ. යනුවෙන් බොරුවක් ගොතා කීවේය.

තවත් තත්පර කිහිපයක් ගත විය. අර මාතලේ ඉඳල නැතිවුණ එළදෙනක් ගැන අහන්න ආපු නරය මෙහාට වර.

මාධ්‍යවේදියා නිහඬව සිටියේය.

අර එළදෙන ගැන අහන්න ආ එකා මෙතනට වර තෝ දරුව වගේ හදපු සතා නේද හොරු ගත්තේ. හිටු මම හොරු ටික අල්ලල දෙන්නම්.

ආවතේවකරුවන්ට පැමිණ මහත්තය මහත්තයට නේද අඬගහන්නේ යන්න යන්න දෙවියන් ඉස්සරහට යන්න.

දෙයියනේ මගේ එළදෙනෙක් නැතිවුණේ නැහැ. මම ආවෙත් මාතලේ ඉඳල නෙවෙයිනේ. මම ආවේ වෙන කාරණයකට ඒක පුළුවන්නම් කියන්න දෙයියනේ කීවිට කෝපයට පත් කපුවා තොගේ කට වැඩියි. තො අල්ලල පරසක්වල ගහනවා යයි කී විට ඒකට නම් ටිකක් වෙලා යයි දෙයියනේ. මගෙන් මේ බොරුව අහගන්න එකා පෙන්නුවානන් උගේ කලිසම ඔලුවෙන් ගලවනවා යයි කියමින් දේවාලයෙන් පිටවූ විට බැතිමත්හු වැඩි දෙනෙක් මාධ්‍යකරුවා පසු පස විත් විස්තර අසන්නට විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා