විශ්‍රාමික පොලිස් රාලහාමිගෙන් අපූරු ඡන්ද පොරොන්දුවක්

විශ්‍රාමික පොලිස් රාලහාමිගෙන් අපූරු ඡන්ද පොරොන්දුවක්

පවුලේ බර අඩුකර රට සංවර්ධනය කරනවලු

ගුණසිංහ පොලිස් නිලධාරියෙක් ලෙස වැඩි වශයෙන් සේවය කර ඇත්තේ ප්‍රභූ ආරක්ෂක කටයුතු වලය. මේ කාර්යයේදී දේශපාලන මැති ඇමැතිවරුන් සඳහා ඔහු දැරූ මහන්සිය හා ඒ අයගෙන් ලැබූ පන්නරය හේතුවෙන් ඔහුටද දේශපාලනයට ඒමට විශාල ඕනෑ කමක් ඇතිවිය. මේ නිසාම ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේය.

දැන් ඔහු තම නිවසේ සිටිමින් වතුපිටිවල වගා කටයුතු වල යෙදෙමින් කාලය ගත කරයි.

මේ වන විට ඔහුගේ දේශපාලන පොරොන්දු සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත. එහි මෙසේ සඳහන් ව තිබේ.

මගේ අසරණ දරුවන් දෙදෙනා කොළඹ සුපිරි පාසලකට ඇතුළත් කර ගැනීමට නම් මා මන්ත්‍රීවරයෙකු කළ යුතුය.

මේ තාක් ගමන් කළේ පොදු ජනතා වාහන වලිනි. ඒ නිසා හොඳ වාහනයක් ලබා ගැනීමට මන්ත්‍රීවරයෙක් කරන්න.

දරුවන් දෙදෙනා පාසල් යන්නේ පා පැදියෙනි. දරුවන්ගේ සැප පහසුව තකා මා මන්ත්‍රීවරයෙක් කරන්න.

ගමේ සංවර්ධන කටයුතු වලදී ලැබෙන සන්තෝසමෙන් මගේ දුප්පත් කම අවමකර ගැනීමට මන්ත්‍රීවරයෙක් කරන්න.

මන්ත්‍රීධූරය ලබා ගැනීමට ඔබගේ ඡන්දය ලැබීමෙන් මගේ පවුල මුලින්ම ගොඩ නැගෙන අතර ඒ මගින් මුළු ගමත් නගරයත් රටත් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි.

මන්ත්‍රී ධූරය ලැබීමෙන් පසු පවුලේ සෞඛ්‍ය ගොඩ නැගෙන අතර එවිට රජයේ බෙහෙත් ගැනීම නතර වීමෙන් රටට බර අඩුවේ.

ඔබ මේ ප්‍රතිපත්තිවලට එකහෙලා කැමැතිවනු ඇතැයි මගේ විශ්වාසයයි.

මෙම් රටේ බොරු කියා මන්ත්‍රීකම් ලබාගත් මැති ඇමැතිවරු සිටින රටක් වන නිසාත් මා ඇත්තම කියා ඡන්දය ඉල්ලන නිසාවෙන් මේ වන විටත් මන්ත්‍රී ඇඳුම් කට්ටල තුනක් මසා ගෙදර පෙට්ටගමේ තැන්පත් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා