යුක්රේනයේ 5ක් මිය යති

ලෝකයටම දැඩි ශීත කාලයක්

යුක්රේනයේ 5ක් මිය යති

මේ දිනවල ලොව බොහෝ රටවල් දැඩි ශීත ඝෟතුවක බලපෑමට ලක්වී තිබේ. පසුගිය දින පහ ඇතුළත යුක්රේනයේ සීතල ඉවසාගත නොහැකිව මිය ගිය සංඛ්‍යාව 5ක් බව වාර්තා වේ. පෙරේදා වන විට මේ අධික ශීත කාලගුණය නැ‍ෙඟෙනහිර සහ මධ්‍යම යුරෝපයේ ඇතැම් ප්‍රදේශ වලටද ව්‍යාප්ත වී තිබේ.

මේ නිසා බල්ගේරියාවේ උෂ්ණත්වය වාර්තාගත අන්දමින් පහළ බැස ඇත . ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිම පතනයක් සිදුවී තිබේ . යුක්රේනයේ මියගිය අය අතර සිටින්නේ නිවාස අහිමි වීදිවල ජීවත්වු අය බව යුක්රේන හදිසි සේවා පවසයි. දැඩි කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් 600දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇත .

පීඩාවට පත් අයට සහන සැපයීමට රැඳවුම් කඳවුරු 1590ක් විවෘතකර තිබේ . මෙහිදී ආරක්ෂක සහ උණුසුම් කිරිමේ පහසුකම් සලසා ඇත. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ . උෂ්ණත්වය තව දුරටත් පහළ යනු ඇතයි අනාවැකි පළවී ඇති හෙයින් තවත් රැඳවුම් කඳවුරු 150ක් ඉඳිකිරීමට කටයුතු කරන බව සහන සේවකයෝ පවසති .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා