එක්සත් කොරියාවක් පිහිටුවා ගැනිමට උත්සුක විය යුතුයි

එක්සත් කොරියාවක් පිහිටුවා ගැනිමට උත්සුක විය යුතුයි

උතුරු කොරියානු නායක කිම් ජොං ඉල් ගේ අභාවයෙන් අනතුරුව අවිනිශ්චීත තත්ත්වයක් පැවතියත් එරට ඇතිවු වෙනස නිසා නව අවස්ථා උදාවී ඇතැයි ඉහළ පෙළේ දකුණු කොරියානු බලධාරියෙක් බදාදා පවසා තිබේ .

උතුරු කොරියාව මෙතෙක් දැරූ මතය ඉවතලා දකුණු කොරියාව සමඟ එක්වී එක්සත් කොරියාවක් පිහිටුවා ගැනිමට උත්සුක විය යුතු බව ඒකීය අමාත්‍ය යූ වූ ඉක් අවධාරණය කර තිබේ.

දෙරට සහයෝගිතාවෙන් අදහස් හුවමාරු කරගනිමින් ඉදිරියට යා යුතු බව ඔහුගේ අදහසයි. උතුරු කොරියානු උසිගැන්වීම් නිසා එරට හුදකලා වී සිටි බව පවසන අමාත්‍යවරයා විසඳාගත යුතුව ඇති සියළුම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව කියයි. කිම් ජොං ඉල්ගේ අභාවයෙන්අනතුරුව බලයට පත් කිම් ජොං අන් ගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නැතැයි උතුරු කොරියානු රජය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා