බෙඩවුනිස් සටන්කාමීන් පැහැරගත් චීන ජාතිකයන් 25 ‍දෙනා මුදා හැරේ

බෙඩවුනිස් සටන්කාමීන් පැහැරගත් චීන ජාතිකයන් 25 ‍දෙනා මුදා හැරේ

ඊජිප්තු බෙඩවුනිස් සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද චීන ජාතික සේවකයන් 25 දෙනකු මුදාහැර ඇතැයි චීන බලධාරීන් ඊයේ පවසා තිබේ.

චීන අත්අඩංගුවේ පසුවන සිය ඥාතීන් මුදාහරින ලෙස බලකරමින් මේ පිරිස පැහැර ගෙන ඇත .

මොවුන් පැහැරගෙන ඇත්තේ දකුණු කොඩාන් ප්‍රාන්තයේ සිය කඳවුරේ සිටින අතරවාරයේ දීයි

මුදාහළ මෙම සේවක පිරිස දැනට ඊජිප්තු රජයේ රැකවරණ මධ්‍යයේ හමුදා කඳවුරක වෙසෙන බව සඳහන් වේ.

මේ අය හොඳ ශරීර සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන ද බව කියයි.

හොස්නි මුබරක්ගේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව මේ අය මුදාහරින බවට ප්‍රතිඥා දී තිබුණත් එම පියවර ගැනීම ප්‍රමාද වීම නිසා මෙ‍ම කටයුත්ත කඩිනම් කරගැනීමට පසුගිය සතියේ දී චීන නියෝජිත පිරිසක් ඊජිප්තුව බලා යැවීමට චීන රජය පියවර ගෙන තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා