ජපානයේ න්‍යෂ්ටික බලාගාර සුරක්ෂිතයි

ජපානයේ න්‍යෂ්ටික බලාගාර සුරක්ෂිතයි

ජගත් පරමාණු බල අධිකාරිය

ජපානයේ න්‍යෂ්ටික බලාගාර පරික්ෂා කළ ජාත්‍යන්තර පරමාණු බල අධිකාරි‍යේ ධුත පිරිසක් ඒවායේ සුරක්ෂිත භාවය තහවුරුකර ඇත.

කෙසේවෙතත් ෆුකුෂීමා අනතුර හමුවේ න්‍යෂ්ටික බලගාරවල ආපදා අවම කිරීමේ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගතකම ද ඔවුන් අවධාරණයකර ඇත.

ෆුකුෂීමා අනතුරින් පසුව න්‍යෂ්ටික බල භාවිතය සම්බන්ධයෙන් ජපන් වැසියන්ගේ ඇති ප්‍රබල සැකය දුරු කිරීමේ අරමූණ ඇතිව මේ ධූත පිරිසට ජපානයට පැමිණෙන ලෙස ආරාධනය කර ඇතතේ ජපන් රජයයි.

ජපන් න්‍යෂ්ටික බලාගාර ජාත්‍යන්තර පරමාණු බල අධිකාරියේ ආරක්ෂක උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවට ධූත පිරිස අවවාද කර ඇත.

කෙසේවෙතත් ජපානයේ න්‍යෂ්ටික බලාගාර යළි ක්‍රියාත්මක කළ යුතුද යන තීරණය ගත යුත්තේ ජපන් රජය බව ඔවුන් පවසා ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා